අපේ රට රකින හතරවරම් දෙවිවරු..

ගිය සතියේ එක දවසක අපි කතා කළා දෙවිවරු ගැන.. එහෙම නැත්තම් දේව සංකල්පය ගැන. එක් එක් ආගම් වල විවිධ දෙවිවරු ගැන කතා බහට ලක් වෙනවා. ඉතින් ඒ දෙවිවරු ගැන වැඩිපුර විස්තර හොයාගෙන යන්න පරණ වයින් හරි ගණන් වැඩසටහනේ බදාදා දවස අපි වෙන් කළා. ඔන්න ඒ හින්දා අද අපි කතා කරන්නේ සතර වරම් දෙවිවරු ගැන. අපේ රටේ බුදු දහම ව්‍යාප්ත වෙන්න කලින් ඉඳලම දෙවිවරුන්ට වන්දනාමාන කරපු අවස්ථා තිබිලා තියෙනවා. ඒ අතර ප්‍රදාන තැනක් 4 වරම් දෙවිවරුන්ට හිමි වෙලා තියෙනවා. හැබැයි අද වෙද්දී 4 වරම් දෙවිවරු කියල අපි හඳුන්වන දෙවිවරු නෙමෙයි එදා වන්දනා මාන කරලා තියෙන්නේ. කොහොම වුනත් අද වැඩසටහන පටන් ගන්න කලින්ම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. පුළුවන්නම් මට කියන්න හතර වරම් දෙවිවරු කියන්නේ කවුද කියලා.

මම ඔයාට ඉස්සෙල්ලත් කිව්ව නේද අපේ රටේ ඈත අතීතයේ ඉඳලම සතරවරම් දෙවිවරුන්ට වන්දනා මාන කළා කියලා. මෙහෙමයි එදා ඉඳන් අද වෙනකන් කාලෙත් එක්ක වෙනස් නොවුන දෙයක් නෑනේ. ඉතින් ඒ වෙනසට හතර වරම් දෙවිවරුත් මූණ දීලා තියෙනවා. අපේ රටේ හෙළයින් ඒ කියන්නේ යක්ෂ, නාග වගේ ගොත්‍රික ජනතාව පවා දේව වන්දනය සිද්ධ කරලා තියෙනවා. ඒ අතරින් ප්‍රභලම දෙවිවරු ඔවුන් සතරවරම් දෙවිවරු කියලා තමයි හඳුන්නලා තියෙන්නේ. අපේ අතීත හෙලයන් වන්දනා මාන කරපු ලෝක පාලන දෙවිවරු විදියට පිළිගත්ත දෙවිවරු වෙලා තියෙන්නේ  අග්නි, යම, ශ්විති හා රූද්‍රය කියන හතර දෙනා ලු. තාමත් අපිට අපහැදිලි යුගයක් වෙච්ච අපේ ගොත්‍රික ජනතාවගේන් මෙපිට කාලෙට අපි එද්දි මේ සතර වරම් දෙවිවරුන්ගේ නාමයන් වෙනස් වෙනවා. ඉන්දියානු ජනතාවගේ සංක්‍රමණයත් එක්ක ඒ අයගේ ආකල්ප මතිමතාන්තර අපේ හෙළ ජනතාව අතරත් පැතිරිලා යන්න ඇති ඒ හින්දා තමයි කාලෙත් එක්ක සතර වරම් දෙවිවරුන්ගේ නම් වෙනස් වෙන්නේ.

ක්‍රි.පූ 6 වන සියවස වෙද්දී හතර වරම් දේව සංකල්පය ටිකක්  වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක ඉන්දු, යම, වරුණ, කුවේර කියන දෙවිවරු 4 දෙනා හතර වරම් දෙවිවරු විදියට පිළිගන්න අපේ රටේ ජනතාව පුරුදු වෙනවා. ඒක එහෙම සිද්ධ වෙන්නේ හින්දු බලපෑමත් එක්ක කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. හැබැයි කාලෙත් එක්ක අපේ පැරැන්නන්ට හිතෙනවා අපිට අයිති නැති දෙවිවරුන්ට ඇයි අපි වදින්නේ කියලා. අන්න ඒ හින්දා අර කලින් අපි කිව්ව ඉන්දු, යම, වරුණ, කුවේර කියන දෙවිවරු හතර දෙනාගෙන් ලාංකික සම්භවයක් තිබුණ කුවේර එහෙම නැත්තම් වෛශ්‍රවන ත් එක්ක වෙනත් ලාංකික දෙවිවරු හතර වරම් දේව සංකල්පයට ඇතුලත් කරගෙන වන්දනා මාන කරන්න පටන් ගන්නවා. අන්න ඒ කාල වකවානුවෙදි හතර වරම් දේව සංකල්පයට අයිති වෙන දෙවිවරු වෙන්නේ ධ්‍රතරාෂ්ඨ, විරූඩ, විරූපාක්ෂ වෛශ්‍රවන කියන දෙවිවරුයි.

බුදු දහමෙදි නම් දීඝනිකායේ එන ආටානාටිය සූත්‍රය දේශනා කරන්නෙත් හතරවරම් දෙවිවරුන් ට කියලයි දැනගන්න ලැබෙන්නේ. බෞද්ධ දර්ශනය  ඇතුලේ කොයිම වෙලාවක වත් දෙවියන් ප්‍රතික්ශේප කරන්නේ නෑනේ. අන්න ඒ හින්දා අදටත් පිරිත් දේශනා වලදි හතර වරම් දෙවියන් වෙනුවෙන් මල්පැල ඉදිකරන්නේ ඒ හින්දයි. ඒ විතරක් නෙමෙයි චෛත්‍යයට ඉහළින් තියෙන දේවතා කොටුවේ පැති හතරක් තියෙන විදියට නිර්මාණය කරන්නෙත් සිව්වරම් දෙවිවරු සිහි කරන්න හිතාගෙනලු. අනිත් එක තමයි අනුරාධපුර යුගයේ විජයාරාම කැනීම් වලදී හම්බ වෙච්ච දේව රූප හතර හතරවරම් දෙවිවරුන්ගේ කියලා එච්. සී .පී බෙල් මහත්තයා කියලා තියෙනවා. ඇයි එතකොට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න පිවිසෙන වාහල්කඩ හතරේත් හතරවරම් දෙවිවරුන්ගේ දේව රූප නිර්මාණය කරලා තියෙන නිසා දැනට තියෙන හතරවරම් දේව සංකල්පය අනුරාධපුර යුගයේ ඉඳලා පැවතගෙන එනවා කියලා අපිට හිතන්න පුළුවන්.

චෝළ රජවරුන්ගේ ආක්‍රමණයන් එක්කම අපේ රටේ ජනතාවගේ ඇදහිලි විශ්වාස වලටත් බලපෑම් එල්ල වෙන්න පටන් අරන් තියෙනවා. මධ්‍ය කාලීන යුගය වෙද්දී සතර වරම් දෙවි වරු විදිහට අපේ රටේ ජනතාව පිළිගන්නේ සමන්, කතරගම, උපුල්වන්, විභීෂණ කියන දෙවිවරුයි. ලංකාතිලක විහාරය ඉදි කරද්දි මේ දෙවිවරුන්ගේත් පිළිම නෙලුවා කියලා සෙල්ලිපියක ලියලා තියෙනවා. ඒක තමයි සතර වරම් දෙවිවරු ගැන නුදුරු අතීතයේ සතර වරම් දෙවිවරු ගැන තියෙන එකම සාක්ෂිය වෙලා තියෙන්නේ.

අතීතය අනාගතයට ගේන පරණ වයින් හරි ගණන්

අහන්න. සතියේ දිනවල හවස 6 සිට රාත්‍රී 8 වෙනකන්

95.6|95.8


ශ්‍රී විෂ්ණු දෙවිඳුන් පීදිමට ඇති ස්ත්‍රොත්‍ර මන්ත්‍ර සහ ගාථා

යහපත් ලෙස ජීවත් වෙමින් මෙම ගයත්‍රී මන්ත්‍රය දිනපතා ගයනා කිරීමෙන් වැඩ කටයුතු සාර්ථක කර ගත හැකිය. විෂ්ණු ලක්ෂ්මී..

ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීම

යහපත් ජීවිතයක් ගතකරමින් ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීමෙන් විෂ්ණු දෙවියන්ගේ අශිර්වාදය ලැබී සතුට සැපත සෞභාග්‍ය උදාවෙනවා...

දෙවුන්දර දේවාලයේ ඉතිහාසය

එදා ඉඳන් අද වෙනකන් දෙවුන්දර යන නාමය රටරටවල ප්‍රසිද්ධ වීමට හේතුවුනේ දිව්‍ය රාජභවනක් වුන උත්පලවර්ණ දේවාලය බව හැමෝම..

රාම රාවණ යුගයෙන් ඇරඹුන දෙවිනුවර ඉතිහාසය..

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල පෙරහැර දිවයිනේ පැරණිතම පෙරහැර ලෙස සළකද්දි දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ලාංකීය ඉතිහාසයට එකතු වෙන්නේ..

මඟුල් පෝරුවේ රසවත් කතාව

චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔයා දන්නවද? චාරිත්‍ර කියලා කියන්නේ සිද්ධ කළ යුතු දේවල් වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේවල්. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන..

ඇඹුලයි ඇඹුලයි කියපු දෙහිවල පැණිරස කතාව..

අපේ ගෙදරක නැතුවම බැරි දෙයක් තමයි දෙහි කියලා කියන්නේ. මේ දෙහි එක්ක අපේ රටේ ජන ජීවිතය මේ තරමට බැඳුනේ කොහොමද කියලා..

මදසරුභාවය නැති කළ හෙළ යාතු කර්මය

අනාදිමත් කාලයක සිට අපේ අතීත මුතුන් මිත්තන් ස්වකිය කටයුතු කාරණා සපල කරගනුවස් එමෙන්ම සෙෘභාග්‍ය හා සශ්‍රිකත්වය උදාකරගැනීමේ..

ඉදිරි තරඟාවලිය අවධානම්

ශූරයන්ගේ කුසලාන තරඟාවලියේදී පාකිස්තානය දැක්වූ දක්ෂතා මත 2019 වසරේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online