අපිව නටවන්නත් බෑ.. අපි නටන්නෙත් නෑ..

කුඩා කාලයේ වයලීන් වාදකයෙක් විදියට පුරුදු පුහුණු වුනා. ඒ සංගීතයට තිබ්බ ආශාවට. ටී.එම්.ජයරත්න මහත්මා උපත ලබන්නේ 1944 අප්‍රේල් 13 දොඩන්ගොඩ. ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සහ මලියදේව විද්‍යාලයේ ඔහු අධ්‍යාපනය ලබනවා. 1966 විතර ටී.එම්.ජයරත්න මහතා රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ සංගීත ගුරුවරකෙයෙකු විදියට සේවය කරන්න පටන් ගත්තා. ඔහු තම ගායන ජීවිතය පසුපෙළ ගායන ශිල්පියෙකු විදියට තමයි ආරම්භ කරන්නේ. ඒ "ලා හිරු දහසක්" ගීතය ගායන කිරීමත් සමඟ.  
 
ප්‍රථම ගීතය 1970 තමයි පටිගත කරන්නේ. ඒ ගුවන්විදුලි වැඩසටහනක් සඳහා..ඉන් අනතුරුව 1978 විතර මුල්ම කැසට්පටය නිකුත් කරනවා "තරංගා වෙළුම 1" නමින්. "හෙමින් සැරේ පියා විදා"මේ ගීතය සෑහෙන ජනප්‍රියත්වයක් ලබනවා. ඒකට හේතුව 1980 සුනිල් අබේසේකරයන් විසින් රචනා කරන ලද "හංස විලක්" චිත්‍රපටයේ ගීතයක් නිසා. 
 
1978, 1979, 1980, 1987 යන අවුරුදු වල ඔහු ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබනවා. ඒත් එක්කම 2006 රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම ගායකයාට හිමි සම්මානෙනුත් ටී.එම්.ජයරත්න මහතා පිදුම් ලබනවා. 
 
සංගීතය පැත්තෙන් මෙවැනි චරිතයක් attitude check වැඩසටහනට සම්බන්ද කරගන්න ඕනේ කියල අපිට හිතුනා. ඒ නිසා අපි ටී.එම්.ජයරත්න මහතාට වැඩසටහනේ පැය 2ක් වෙන් කරා. වර්තමානයේ මිනිස්සු ටී.එම්.ජයරත්න මහතාව දකින්නේ මොන විදියටද. මේ ඔහුට ලැබුන ප්‍රතිචාර. 
 
"නිහතමානී ලස්සන කටහඩක්තියන අදටත් ප්‍රේක්ශකහිත දිනාගෙන ඉන්න ගායකයෙක් ඔහුට දීර්ගායුශ පතනවා"
"සිත නිවන හඬක් ලාකේය අනන්‍යතාවයේ සලකුණක්."
"හොඳ බෞද්ධයෙක්"
"එදත් අදත් හෙටත් ඔහ අපේ හිතේ ඉන්නවා."
"හරිම චාම් මනුසයෙක්. හරි සරලයි"
"තමන්ගේ තත්වේ එදා ඉදන් ඒ විදියටම තිආගෙන ඉන්නවා"
 
ටී.එම්.ජයරත්න මහතාට මේ විදියේ ප්‍රතිචාර ලැබෙන අතරේ ඔහුට ලැබුන අනෙකුත් ප්‍රතිචාර වලට පිළිතුරු බලාපොරොත්තුවෙන් අපි ඔහුව දුරකථනය ඔස්සේ සම්බන්ද කරගත්තා. මේ සියලුම රසික අදහස් වලට ඔහු ප්‍රතිචාර දැක්වුවේ මෙන්න මේ විදියට. 
 
අලුත් පරපුරට උදවු නොකරන කෙනෙක් කියල පිරිසක් කියලා තිබ්බා?
"කවුද එහෙම කියන්නේ. මම තරුණයින්ට ඕනේ තරම් උදවු කරනවා"
 
අලුත් නිර්මාණ කරන්න බැරි ද? මේ කාලේට ඔබින විදියට කියලා මිනිස්සු අහනවා?
"අපි නිර්මාණ ඕනේ තරම් කරලා තියෙන්නේ. තව අලුතෙන් අවශ්‍ය නෑ."
 
මාධ්‍ය වලට ඉදිරිපත් වෙන්න ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නෑ නේද ඔබතුමා. මිනිස්සු මෙහෙම අහනවා?
"අපිට මාධ්‍ය වලින් එන්න කියලා ම්ක්ක්ද කරන්නේ. නිකන් වල පල අහනවා..ඒවාට මම කැමති නෑ."
 
අවසානයේ ටී.එම්.ජයරත්න මහතාට ලැබුනේ මේ වගේ ප්‍රතිපලයක්. 92%ක් ඔහුට හොඳ ප්‍රතිචාර තිබුනා. ඒ අතරේ ඉතුරු 8% ඔහුව විවේචනය කරලා තිබුනා.
 


මම මගේ පාසල ගැන කියනවා ඕනේ තැනක. මම පාසල් තුනකට ගියා.

මහේෂි මධුෂංකා.. රංගනයට සම්බන්ද වෙන්නේ 2008 අවුරුද්දේ විතර. රංගන ක්ෂේත්‍රයට ඇවිල්ල වැඩි කාලයක් නැති වුනාට වර්තමාන පරපුරේ..

ජොලි සීයාගේ දුරකථනයේ ප්‍රශ්නයක්ද?

චන්දු ද සිල්වා.. නැත්තම් ජොලි සීයා. පාසල් කාලේදී ගායනයට පුදුම කැමැත්තක් තිබිල තියෙන්නේ. පාසලේ ගායන අංශයේ සෑම කටයුත්තකටම..

මගේ තැන මම හදා ගත්තා. එච්චරයි..

ධනංජය සිරිවර්ධන කියන්නේ පාසල් යන කාලේදී වත් රංගනයට උනන්දුවක් නොතිබ්බ කෙනෙක්. පාසලේ තියන සමිති සමාගම් වල ගායනයක්..

මේ ප්‍රතිඵලයත් එක්ක මට ඡන්දේ ඉල්ලනත් පුළුවන් වෙයි වගේ..

තමන්ගේ රසිකයන්ව ක්ෂණිකවම හිනස්සනව කියන්නේ ඒක වෙනස්ම හැකියාවක්. "රොනී ලීච්" රංගනය ගායනය මේ දෙකම සමබර කරගෙන..

මට තැනක් ගන්න ඕනේ නෑ. මට පුළුවන් දෙයක් මම කරනවා.

රයිගම කෝරලයේ හොරණ ගමේ උපත ලැබූ රෝහණ බැද්දගේ මහත්මයා හැදුනේ වැඩුනේ ගමේ. ගැමි පරිසරයක, ගැමියන් එක්ක, අපේ කම..

මම කිසිම රජයකින් වරප්‍රසාද ලබාගෙන නෑ

සෝමරත්න දිසානායක.. කුඩා කාලයේ ඉදන් කවි ලියන්න, කතන්දර ලියන්න, මේ වගේ කළා නිර්මාණයන් කරන්න ගොඩක් කැමැත්ත දැක්වුවා..

මම තරුණ පරපුර විවේචනය කරනවා කියලා කියනවා නම් ඒක පාපයක්

ධනපාල උඩවත්ත.. ළමා කාලේ ඉදන් ගායනයට මනා හැකියාවක් තිබුන කෙනෙක්. එදා මොහු ගොඩක්ම ආස කරලා තියෙන්නේ රුක්මනී දේවීගේ..

ලතා වල්පොල මහත්මිය ඉස්සර වගේම තාමත් අහංකාරද?

1933 නොවැම්බර් 11 උපත ලැබූ ලතා වල්පොල මහත්මිය.. වර්තමානයේ කලාකටයුතු වලින් යම්තාක් දුරට ඈත් වෙලා තමන්ගේ ජීවිතය..

මම මගේ දැනුම ගැන කොහොමත් කියවනවා

රොජර් සෙනවිරත්න.. 1976 විතර කාලයේ තමයි ක්ෂේත්‍රයට එන්නේ. වේදිකාවට එන්න කලින් ඔහු වේදිකාව පිටුපස හිටපු දැවැන්ත චරිතයක්..

අපිව නටවන්නත් බෑ.. අපි නටන්නෙත් නෑ..

කුඩා කාලයේ වයලීන් වාදකයෙක් විදියට පුරුදු පුහුණු වුනා. ඒ සංගීතයට තිබ්බ ආශාවට. ටී.එම්.ජයරත්න මහත්මා උපත ලබන්නේ 1944 අප්‍රේල් 13..

S.B.දිසානායක ඇමතිතුමාගෙන් දුරකතනයට උත්තර නෑ

දිසානායක මුදියන්සේලාගේ සුමනවීර බන්ඩා දිසානායක.. ඒ වුනාට රටේ හැමෝම දන්නේ S.B.දිසානායක ඇමතිතුමා කිව්වම. මේ වෙනකොට..

රසිකයෝ මගේ මූණටම කියනවා flashback සංගීත කණ්ඩායම තියෙන්නේ මම නිසා කියලා

සංගීත කණ්ඩායම් අතර ගායන ශීල්පින්ගෙන් ප්‍රසිද්ධ සහ එදා ඉදන් ආදරයට පාත්‍ර වුනු ගායකයෙක් තමයි කිංස්ලි පීරිස් කියන්නේ..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online