බැරිම වුනොත් රට අත ඇරලා යනවා - මහේන්ද්‍ර පෙරේරා

1993 දී සිය රංගන දිවිය අරඹමින් ශ්‍රී ලාංකීය චිත්‍රපට, ටෙලිනාට්‍ය වගේම වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙස විවිධ චරිත නිරූපණය කරමින්  අදටත් ක්ෂේත්‍රය තුළ සිය රංගන ප්‍රතිභාව ප්‍රතිනිර්මාණය කරන ඔහු මහේන්ද්‍ර පෙරේරා. ඔහුත් සමඟින් ඔහුගේ රංගන දිවියේ නොමැකෙන මතකයන් ගැන සහ රංගන දිවිය ගැන ඔහුගේ අදහස් ගැන කතා බහ කරන්න අපි හිතුවා.

මහේන්ද්‍ර පෙරේරා ඔයාගේ රංගනයට ලැබුණු සම්මාන ගැන මොකද හිතෙන්නේ?

සම්මාන නම් දැනට 30ක් විතර තියෙනවා. මං හිතන්නේ ඒවා අතර නොලැබිච්ච සම්මානත් තියෙනවා. ඒ කියන්නේ ලැබිය යුතු නොලැඹුණ සම්මානත් තියෙනවා. උදාහරණයක් විදියට ගොළු තාත්තා චරිතයට හැමෝගෙන්ම ප්‍රතිචාර ලැබුණා. ඒත් ඒ චරිතයට සම්මානයක් ලැබුණේ නෑ. හැබැයි ඒ ලැබුණු රසික ප්‍රතිචාර මට හුඟක් වටිනවා.

ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් විදියට හැමෝමත් එක්ක විහිලුවෙන් සැහැල්ලුවෙන් ඉද්දී පෞර්ෂයට හානියක් වෙන්නේ නැද්ද?

නෑ මට එහෙම හිතෙන්නේ නෑ. මම බොරුවට ප්‍රබුද්ධ වෙන්න හදන කෙනෙක් නෙමෙයි. මම ලෝකය තේරුම් අරන් තියෙනවා. මම මේ දේශපාලනය තේරුම් අරන් තියෙනවා. මිනිස්සුන්ව තේරුම් අරන් තියෙනවා. එක මිනිහෙක්ව ආශ්‍රය කරද්දී ටික කාලෙකදි තේරෙනවා මේ මනුස්සයා කොහොමද කින්ද මන්ද කියලා. පොඩි කාලේ ඉඳලා මගේ ස්වභාවය ඒකයි. හැමෝමත් එක්ක විහිළු කරන්න යන්නේ නෑ ඔය කිව්වට.

ජනප්‍රිය නලුවෙක් වෙන්න හැමෝටම පුළුවන් හැබැයි දක්ෂ නලුවෙක් වෙන්න හැමෝටම බෑ. දක්ෂ නලුවෙක් වෙන්න මොනවද කරන්න ඕන?

නෑ එකම දේ වෙන්න ඕන මේ විෂය හදාරන්න ඕන. විෂය තුළ හොයායෑම කළ යුතුයි. තමන් අලුත් විය යුතුයි. මේ විෂය ඇතුලේ මම කොයි වගේ නලුවෙක්ද වෙන්නේ කියලා තීරණය කරන්න ඕනේ. සතත අභ්‍යාසයේ යෙදෙන්නේ නැතුව ගමනක් නෑ.

ඔබේ රංගනය පරිපූර්ණයි. නිෂ්පාදනයට අධ්‍යක්ෂණයට පිවිසෙන්න කැමති නැද්ද?

නිෂ්පාදකවරයෙක් වෙන්න හීනෙකින්වත් බෑ කියලා මං දන්නවා. මේ හම්බකරන මුදලුත් එක්ක. නිශ්පාදකවරයෙක් ආවොත් අධ්‍යක්ෂණයට එන්න කැමැත්තක් තියෙනවා. හැබැයි මගේ විශේෂ කැමැත්ත තියෙන්නේ රඟපාන්න තමයි. පුළුවන් විදියට කරගෙන යනවා. බැරිම වුනොත් රට අත ඇරලා යනවා කියලා තමයි හිතන් ඉන්නේ.

  • මහේන්ද්‍ර පෙරේරා ඔයාගේ රංගනයට ලැබුණු සම්මාන ගැන මොකද හිතෙන්නේ?
  • ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් විදියට හැමෝමත් එක්ක විහිලුවෙන් සැහැල්ලුවෙන් ඉද්දී පෞර්ෂයට හානියක් වෙන්නේ නැද්ද?
  • ජනප්‍රිය නලුවෙක් වෙන්න හැමෝටම පුළුවන් හැබැයි දක්ෂ නලුවෙක් වෙන්න හැමෝටම බෑ. දක්ෂ නලුවෙක් වෙන්න මොනවද කරන්න ඕන?
  • ඔබේ රංගනය පරිපූර්ණයි. නිෂ්පාදනයට අධ්‍යක්ෂණයට පිවිසෙන්න කැමති නැද්ද?
  • මහේන්ද්‍ර පෙරේරා එක නිර්මාණයකට දායක වෙන්න කොයිතරම් මුදලක් අය කරනවද?

 


ඒක මට අහම්බෙන් ලැබුණ තෑග්ගක් - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී ඉද්දමල්ගොඩ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. වර්තමාන රංගන ශිල්පිනියන් අතරේ තමන්ගේම රංගන ප්‍රතිභාවක් නිරුපනය කරන ඇය..

කුමාරණතුංග නම මගේ ගමනට ශක්තියක් - ජීවන් කුමාරණතුංග

ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුළ බිහිවූ ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම රටේ නමක් දිනූ දේශපාලකයෙකු වෙන ජීවන් කුමාරණතුංග සමඟින්..

ලෝකේටම කියලා මඟුල් කෑවත් එකයි නොකියා මඟුල් කෑවත් එකයි - දුලීකා මාරපන

ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියන් අතර දක්ෂතම රංගන ශිල්පිනියක් වන ඇය විවිධ චරිත හමුවේ සිය රංගන ප්‍රතිභාව නිරූපණය කරනවා..

පෞර්ෂත්වය මනින්න බෑ කටහඬින් - රොමේෂ් සුගතපාල

2003 දී ගායනයට පිවිස අද දක්වා සිය ජනප්‍රියත්වය රැකගත් වෙනස්ම හඬකට උරුමකම් කියන සොඳුරු ගායන ශිල්පියා ඔහුයි...

බැරිම වුනොත් රට අත ඇරලා යනවා - මහේන්ද්‍ර පෙරේරා

1993 දී සිය රංගන දිවිය අරඹමින් ශ්‍රී ලාංකීය චිත්‍රපට, ටෙලිනාට්‍ය වගේම වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙස විවිධ චරිත නිරූපණය කරමින්...

කතා පොතක් ලියන්නේ කතුවරයාට උවමනා විදියට මිසක් ඔයාට ඕන විදියට නෙවේ

ජිවත් වෙනකොට සුදුසු පරිසරයක ජිවත් වෙන්න ඕන. නැත්තම් හිතේ සතුටින් ජිවත් වෙන්න බෑ. අපි අවට ජිවත් වෙන අය මතත් අපේ ජිවිතේ සතුට..

මම සුදු වෙන්න කිසිම එන්නතක් පාවිච්චි කරලා නෑ.. නොදන්න දේවල් කතා කරන්න එපා - නතාශා පෙරේරා

සුළඟක් වී ක්ෂේත්‍රයට ආ ඇය රංගනය, ගායනය, නිවේදනය තුලින් ජනතාව අතර කැපී පෙනෙන චරිතයක් බවට පත්වුනා. නමුත් අද වෙද්දී ඇයගේ..

නිරෝෂා විරාජිනි, ප්‍රින්ස් උදය ප්‍රියන්ත සම්බන්ධ කටකතාවට කෙලින්ම දුන්න උත්තරේ..

නිරෝෂා විරාජිනි ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පිණියක්. පහුගිය දවසක අපි අතරින් වෙන්වුන ප්‍රින්ස් උදය ප්‍රියන්ත තනිකඩව ජීවත් වුනේ ඇය නිසා..

ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම ගැන, ජීවිතේ ගැන රොෂාන් ප්‍රනාන්දු කිව්ව කතාව

ලංකාවේ ප්‍රසිද්ධ චරිත ගැන විවිධ කතා, කටකතා පැතිරෙන එක නවත්තන්න බෑ. එයාලගේ ආඩම්බරකම ගැන එයාලගේ ප්‍රේම සම්බන්ධතා ගැන කතා..

ඒ ආත්මේදිත් මම ප්‍රාර්ථනා කරන්නේ ගයාන්වම තමයි - චතුරිකා පීරිස්

2000 වසරෙන් තමන්ගේ රංගන දිවිය අරඹපු ඇය අද වනවිටත් කලා ක්ෂේත්‍රයේ නැතුවම බැරි චරිතයක්. ඒ හින්දම පුංචි තිරයේ දඟකාරිය චතුරිකා පීරිස්..

දුක්ගන්නාරාළ ලකුණ, ශ්‍රී ලාංකිකයි ගැමියි

වසන්ත දුක්ගන්නාරාළ, අපේ රටේ අනන්‍යතාවය නව පරපුරට දායාද කරන සුන්දර චරිතයක්. ඔහු විවිධ හැකියාවන්ගෙන් සපිරි වෙනස්ම ගමනක යන..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online