බස් කුඩු කරන ආදර ගැටුම්

පාසල් කාලේ තරම් සුන්දර අවධියක් අපි කාටවත් නැහැ කියලයි හුග දෙනෙක් කියන්නේ. අපි සමාජය ගැන ඉගෙන ගන්න පළමු පියවර තියන්නේ පාසලෙන් වීම ඊට හේතුවයි. මේ කාලේ ඇතිවන පුංචි පුංචි ගැටුම් පාසල ඇතුළට විතරක් සීමාවෙනවා නම් ඒක ගොඩක් හොඳයි. මොකද පාසලේ දේවල් එළියටත් එළියේ දේවල් පාසල ඇතුළටත් ආවොත් එතන ප්‍රශ්න හුගක් ඇතිවෙන්න පුලුවන් නිසා. 

මෙහෙම සිද්ධියක් පසුගිය බදාදා හවස් වරුවේ කොළඹදී සිද්ධ වුණා. ප්‍රධාන පාසල් 3 ක සිසුන් අතර ලොකු ගැටුම් 2 ක් ඇතිවුණා. පිරිසක් තුවාල වෙලා රෝහල් ගත කරද්දි තව සිසුන් පිරිසකට පොලිස් කූඩුවට යන්නත් උණා. මේ ගැටුමට මුල ආදරවන්තයන්ගේ දිනය වුණු සිදුවීමක් කියලයි අපිට ආරංචි උණේ. 
 
අපි අපේ ආකල්ප නිවැරදි විධියට හදාගන්නවා නම් මේ වගේ කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නැහැ. ඒ වගේම තමයි එක්කෙනෙක් දෙන්නෙක්ගේ මේ වගේ වැරදි නිසා මුලු පාසලම බැණුම් අහන එකත් වැරදියි. අද අපි එෆ් බී පොලිටික්ස්වලදී මේ ගැන කථා කලා. ඇත්තටම සිසු විනය පිරිහෙන්න වගකියන්න ඕනේ කවුද? අහලා බලන්න.
 
 
මේ සිද්ධිය ගැන අධ්‍යාපන අමාත්‍යංශය මෙන්න මෙහෙම නිවේදනයකුත් එවලා තිබුණා.
 
ප්‍රවෘත්ති නිවේදනය - පාසල් කිහිපයක ඊයේ ඇති වූ ගැටුම් පිළිබඳ සාකච්ඡා කිරීම සදහා කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක විදුහල්පතිවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය‍ට - එළඹෙන ක්‍රිකට් තරගවල දී  විනය ආරක්ෂා කිරීම සම්බන්ධව ද දැඩි අවධානය ඊයේ ‍කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල් තුනකින් වාර්තා වූ ගැටුම් පිළිබඳ සහ එළඹෙන ක්‍රිකට් තරගවලදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා විසින් කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් අද (16) හදිසි රැස්වීමක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණා.
 
මෙහි දී කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාලවල සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුම පිළිබඳව සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඇති වූ සිද්ධිය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළා. මෙවැනි ගැටුම්වලදී ඒවා කළමනාකරණය කිරීම පිළිබඳවත්, දැනට ගෙන ඇති විනය ක්‍රියාමාර්ග පිළිබඳවත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කරුණු විමසුවා. 2016/12 දරන චක්‍රලේඛ‍ය අනුව පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වන අතර විනය කඩකරන සිසුන් සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා විනය මණ්ඩලයට බලය පවරා තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස විනය ක්‍රියාමාර්ග ගැනීමේ දී ඇතැම් විදුහල්පතිවරුන් අපහසුතාවයට පත්වන බවයි, පැමිණි සිටි විදුහල්පතිවරුන් සඳහන් කළේ. ඇතැම් විට මානව හිමිකම් කොමිසන් සභාව මගින් මෙන්ම වෙනත් ආයතන හරහා මේ සම්බන්ධයෙන් සිදුකරන නිර්දේශ හමුවේ විනය ක්‍රියාමාර්ග දැඩිව ක්‍රියාත්මක කිරීමට නොහැකි බවයි පැමිණි සිටි විදුහල්පතිවරුන් ප්‍රකාශ ක‍ලේ.
 
මේ පිළිබඳ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරියේ දී පවත්වනු ලබන පාසල් ත්‍රිකට් තරගාවලීන් ද ආවරණය වන අයුරින්, පාසල් සිසුන්ගේ විනය ආරක්ෂා වන පරිදි නව විධිවිධාන ද ඇතුළත් කොට ශක්තිමත් යාන්ත්‍රණයක් සකසන ලෙසත් ඒ සඳහා අවශ්‍ය චක්‍ර ලේඛ සකස් කරන ‍ලෙසත් නිලධාරීන් උපදෙස් ලබාදුන්නා. මෙම කටයුතුවලදී මානව හිමිකම් කොමිසන් සභාව ජාතික ළමාරක්ෂක අධිකාරිය, ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළු අදාළ සියලු පාර්ශවකරුවන්ගේ හා විද්වතුන්ගේ අදහස් ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. මීට අමතරව, නව යොවුන් වයසේ ඇතිවන සිතිවිලි සමග දරුවන් ගැටුම්වලට පෙළඹීමේ අවකාශයන් හඳුනාගත හැකි පරිදි ඒවාට වහා පිළියම් යෙදිය හැකි ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් මීට සමගාමීව හැකි ඉක්මණින් මනෝ උපදේශන ගුරුවරුන් බඳවා ගැනීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
 
පාසල් දරුවන් මුහුණපාන ගැටළු පිළිබඳ සංයමයෙන් යුක්තව විමසා බැලීම ගුරුවරුන් විසින් සිදුකිරීමේ අවශ්‍යතාවය මතු කළ අමාත්‍යවරයා දරුවන් තුළ නිර්මාණය වන ගැටුම් කළමනාකරණය කිරීමේ දී ගුරුවරුන් ඒ සදහා සක්‍රීයව මැදිහත් වී‍මේ අවශ්‍යතාව ද සිහිපත් කළා.
පාසල් දරුවන්ගේ විනය ආරක්ෂා කිරීමේ දී එම වගකීම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට සෘජුවම පැවරෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා, තම දරුවන්ගේ හැසිරීම පිළිබඳ වගකීම දෙමාපියන් විසින් ද දැරිය යුතු බව සඳහන් කළා. මීට අමතරව විදුහල්පතිවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කොට පවත්නා ප්‍රායෝගික ගැටළු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට, පාසල් විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත්විය හැකි කාලීන යෝජනා ඇතුළත් වාර්තාවක් සතියක් ඇතුළත තමා වෙත ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.
 
කො/ආනන්ද විද්‍යාලය, කො/නාලන්ද විද්‍යාලය, කො/ඩී එස් සේනානායක විද්‍යාලය, කො/රාජකීය විද්‍යාලය, කො/තර්ස්ටන් විද්‍යාලය, මොරටුව වේල්ස්කුමර විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, කො/මහානාම විද්‍යාලය, කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය, කො/ඉසිපතන විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(ගුණාත්මක සංවර්ධන) ආචාර්ය මධුරා වේහැල්ල, අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා) හේමන්ත ප්‍රේමතිලක ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.
අධ්‍යාපන අමාත්‍යාං‍ශය
 


කෝටි ගණන් වටින නෝටි කුඩු

මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අද වෙනකොට මුලු ලෝකේටම පිළිලයක් වෙලා තියෙන දෙයක්. එක පාරක් කන්ටේනරයක තිබිලා හෙරොයින් කිලෝ..

කටට රස බුලත් විට ඇත්තටම ඇඟට විසයිද?

ඈත ඉතිහාසයේ පටන් මෑත වර්තමානය තෙක්ම අපේ දේශීයත්වය තුලින් ජනයා තුළ මුල් බැසගත් හුරු පුරුදු ගතිලක්ෂණ චර්යාවන් පැවැත් අතර..

අපේ ක්‍රිකට්වල මීලග පිම්ම ගැන තිලංග කල හෙලිදරව්ව

ක්‍රිකට් කියලා කියන්නේ අපේ රටේ ජාතික ක්‍රීඩාව නොවුනට ඊටත් වැඩිය අපි ආදරය කරන සහ ජනප්‍රියත්වයට පත්වෙච්ච ක්‍රීඩාවක්..

තෝරු මෝරු පැනලා ගිහින් ඉස්තාලයෙන්?

දූෂණය / වංචාව / හොරු / මෙගා ඩීල් 2015 ජනාධිපතිවරණයේදී මේ වචන වේදිකාවල රැව්දුන්නා. කොටින්ම කියනවා නම් මේ ආණ්ඩුව බලයට..

ඉතින් සමුගමු පොලිතින්

පරිසරය / කසළ / පොලිතින්. මේ වගේ දේවල් ගැන දැන් කෙරෙන කථාබහ ටිකක් වැඩිවෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කසල හා බැඳුණු..

පමාවක් නැතිව කොමාවක් තැබිය යුතු, සමාවක් දිය නොහැකි උමා ඔය අර්බුදය

ජීවිතේ සමහර දේවල් තියෙනවා කොමාවක් තියා තිතක් තියලවත් ආපහු හරිගස්සන්න බැරි. ඒකයි පනින්න පෙර සිතා බලන්න කියලා කියන්නේ...

එයාලාට ඕනෑලු.. මෙයාලාට එපාලු..

රටක ප්‍රධාන නීතිය හැටියට ගණන් ගැනෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ වගේ දෙයක් වෙනස් කරනවා කියලා කියන්නේ සුලුපටු කාරණයක්..

පළා බබාට තවත් තටු?

බලය ඛෙදා හැරීම කියන කාරණය කථා කරද්දි අපිට මුලින්ම ඔලුවට එන්නේ පළාත් සභා. ඒකට හේතුවක් තියෙනවා. 13 වන ව්‍යවස්ථා..

වැඩ අතරමග නතරකරන වැඩ වර්ජන

ඕනෑම පුද්ගලයෙකුට විවිධාකාර ප්‍රශ්න ගැටළු අභියෝග වලට ජිවිත කාලය තුල දීමට සිදුවීම සාමාන්‍යය. තමා නියැලෙන වෘතිය මූලික කරගනිමින්..

ශ්‍රී ලංකා ටීම් එක ෆිට් මදිද?

ශාරීරික යෝග්‍යතාව යනු සැබවින්ම සාමාන්‍ය පුද්ගලයෙකුට වුව නීරොගිව දිවිගෙවිමකට අනිවාර්යයෙන්ම පවත්වාගත යුතු ප්‍රධාන, ප්‍රභල සාධකයකි..

අන්තරේ වැඩියෙන් ලැදි පොතටද? පාරටද?

රටකට අවශ්‍ය වන උගතුන් බුධිමතුන් බිහිකිරීමේ කේන්ද්‍රස්ථානය වනාහි විශ්වවිද්‍යාලයයි. විශේෂයෙන්ම දැනුමෙන් පරිපුර්ණ සමාජයක් යනු සැබවින්ම..

මදුරුවා පොඩි වුනාට ලෙඩේ භයානකයි.. ඩෙංගු තාමත් මාරාන්තිකයි

නීරෝගීත්වය යනු සැබවින්ම ලෙඩ රෝග වලින් තොරවීම නම් අප බොහෝ විට අප අපේක්ෂා කරනුයේ එයයි. ගැටලුව නම් අප සැබවින්ම කිසිම..

හිත හදන ආගම කෙලසන විලි නැතිවාදය

ආගමක් යනු පැහැදිලිවම පුද්ගලයෙකුගේ චින්තනය, දර්ශනය සහ ඔහුගේ ආකල්ප පිළිබිබු කරන කැඩපතක් බදුය. අධ්‍යාත්මික මානසික හික්මීම සදහා..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online