දඩි බිඩි වුණොත් ගෙවන්න වෙන දඩ වැඩි වෙන හැටි

අපි කවුරු හරි වැරුද්දක් කලොත් අපිට ඒකට දඩුවම් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. රියදුරෙක් පාරේදි වැරැද්දක් කලොත් අපිට ගෙවන්න වෙන්නේ දඩ. මේ දඩ ගෙවන්න ගිහින් පොලිස් නිළධාරීන් එක්ක හරි හරියට කථා කරන අයත් අපි ඕනාතරම් දැකලා තියෙනවා. අපිට මතකයි ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2016 වසරේදී රථවාහන වැරදි 7 කට රුපියල් 25000 බැගින් දඩ මුදල් පණවන්න තීරණය කල අවස්ථාව. එතනදී මේකට සෑහෙන ලොකු විරෝධයක් ආවා. පස්සේ මේ දඩ වැඩිවීම තාවකාලිකව අත්හිටුවලා ඒ ගැන නිර්දේශ දෙන්න රජය විද්වත් මණ්ඩලයක් පත්කලා. ඔන්න දැන් ඔවුන් තමන්ගේ යෝජනාවලිය රජයට භාරදීලා තියෙන්නේ. ඊට ඇමති මණ්ඩලයේ අනුමැතියත් ලැබිලා තියෙන්නේ. මේක දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලාට පස්සේ අනුමැතිය ලැබුණාම නීතියක් හැටියට සම්මතවෙලා බලාත්මක වෙන්න නියමිතයි. අද අපි එෆ් බී පොලිටික්ස් වලදී කථා කලේ මේ ගැන. මෙන්න කියවලා බලන්න අලුතින් දඩ අයකෙරෙන්නේ කොහොමද කියලා. 
 
මෝටර් වාහන පනත යටතේ රථවාහන වැරදි සඳහා අය කරනු ලබන දඩ මුදල් සංශෝධනය කිරීම
 
මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මාරක රිය අනතුරුවලට විශාල වශයෙන් හේතු වන මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වැරදි 07 ක් හඳුනා ගෙන එම වැරදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25,000/-ක් දක්වා වැඩි කිරීමට 2016 වර්ෂයේදී යෝජනා කෙරිණි. එහෙත් මේ සම්බන්ධයෙන් බස් සංගම් හා ත්‍රි රෝද රථ සංගම් වෙතින් එල්ල වූ විරෝධය සැලකිල්ලට ගෙන මෝටර් වාහන පනත යටතේ අය කරනු ලබන දඩ මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස ජනාධිපතිතුමා විසින් නිලධාරි කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: 
 
පහත සඳහන් රථ වාහන වැරදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25,000/- ක් දක්වා වැඩි කිරීම: 
 
- වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම.
 
- රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ නියුක්ත කිරීම. 
 
- මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය. 
 
- දුම්රිය මාර්ගයක් තුළට අපරික්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළු කිරීම.
 
-වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය. 
 
පහත සඳහන් රථ වාහන වැරදි සඳහා දැනට අය කරනු ලබන අවම දඩ මුදල් සංශෝධනය කිරීම:
 
- අධික වේගයෙන් රිය පැදවීම.
 
(නියමිත උපරිම වේගය ඉක්මවා 20% දක්වා අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 3,000ක්ද; නියමිත උපරිම වේගය ඉක්මවා 20% ට වැඩි හා 30%ට අඩු අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 5,000ක්ද; නියමිත උපරිම වේගය ඉක්මවා 30% ට වැඩි හා 50%ට අඩු අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 10,000ක්ද; නියමිත උපරිම වේගය ඉක්මවා 50% ට වැඩි අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 15,000ක්ද වශයෙන් ස්ථානීය දඩ නියම කිරීම) 
 
- වමෙන් ඉස්සර කිරීම.
 
(මෙම වරද සඳහා වන අවම ස්ථානීය දඩය රුපියල් 2,000/- ක් දක්වා වැඩි කෙරේ)
 
- වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය කිරීම.
 
(මෙම වරද සඳහා රුපියල් 10,000/- ක අවම දඩයක් නියම කෙරේ)
 
-අපරික්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කිරීම
 
. (මෙම වරද සඳහා රුපියල් 10,000/- ක අවම දඩයක් නියම කෙරේ)
 
- නියමිත වයසට අඩු වයසේ තැනැත්තන් විසින් රිය පැදවීම.
 
(මෙම වරද සඳහා දැනට පවතින අවම දඩය රුපියල් 5,000/- ක සිට 30,000/- දක්වා වැඩි කෙරේ)
 
- මෝටර් වාහන පනතේ ප්‍රකාශිතව දඬුවම දක්වා නොමැති යම් වරදක් සඳහා අදාළ කර ගනු ලබන පොදු දණ්ඩනය යටතේ අය කෙරෙන අවම දඩ මුදල රුපියල් 2,500/- ක් දක්වා වැඩි කිරීම.
 
ජංගම දුරකථනය භාවිත කරමින් රිය පැදවීම සම්බන්ධයෙන් රුපියල් 2,000/- ක ස්ථානීය දඩයක් නියම කිරීම.
 
රියදුරු ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම.
 
රිය අනතුරු බහුලව සිදුවන ස්ථාන ආශ්‍රිතව CCTV කැමරා ස්ථාපනය කර එම තොරතුරු මත පදනම්ව වරදකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
 
රථ වාහන වැරදි සඳහා වන ස්ථානීය දඩ මුදල් අය කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම් යොදා ගැනීමේ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම.
 
අධීවේගී මාර්ගවල හා මහාමාර්ගවල වේග සීමා පුවරු විධිමත්ව ප්‍රදර්ශනය කිරීම.
 
ශ්‍රීලංගම හා පෞද්ගලික බස්රථ ධාවනයට අදාළව ඒකාබද්ධ කාලසටහන් හෝ සුදුසු වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම.
 
ත්‍රි රෝද රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ හා වෑන් රථ නියාමනය පිණිස නියාමන ආයතන පිහිටුවීම.
 
මගී ආරක්ෂාව සුරක්ෂිත කෙරෙන කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් ස්ථාපිත කිරීම.
 
රථවාහන නීතිය ක්‍රියාත්මක කරනු ලබන ඇතැම් නිලධාරින් විසින් සිදු කරනු ලැබිය හැකි විවිධ අක්‍රමිකතා අවම කිරීම සඳහා සහ නීතිය ක්‍රියාත්මක වීමේ විනිවිදභාවය ඇතිකරලීම සඳහා නවීන තාක්ෂණික මෙවලම් භාවිත කිරීම.
 
 


ක්‍රිකට් ගහන්න මරු කටට යනවාද? නැද්ද?

දිගින් දිගටම ලබපු පරාජයන්වලට තිත තියලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔන්න පකිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට පිවිසුණා..

බදු නොගෙවන වෛද්‍යයවරු

රජයකට, රටකට අවශ්‍යය කටයුතු කාරණා නිසි ආකාරව ඉෂ්ට සිද්ධ කිරීමටනම් අති විශාල මුදලක් අවශ්‍ය වන බව නොරහසකි. එම නිසා සෑම..

හොඳින් නැතුව නරකින් ජාත්‍යන්තරය දිනන අපි

ඉස්සර අපිට ලාංකිකයෝ ගැන අහන්න ලැබුණේ රට ඇතුලේ හරි රටින් පිටතදී හරි සම්බන්ධවෙන පුද්ගල ඝාතන / කොල්ලකෑම් වගේ අපරාධ ගැන..

නිරුවත නැතිව මියුසික් වීඩියෝ හදන්නම බැරිද?

කලාව කියලා කියන්නේ කවුරුත් කැමති දෙයක්. එයිනුත් සංගීතයට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. කථාවට කියන්නේ සංගීතය කියලා කියන්නේ..

මාසෙට වියදම ලක්ෂයයි / සුපිරි වැඩිහිටි නිවාසයේ විස්තර මෙන්න

ඔක්තෝබර් කියලා කියන්නේ ජත්‍යන්තර දින විශාල වශයෙන් සැමරෙන මාසයක්. මේ මාසයේ පළමු දිනයම වෙන් කරලා තියෙන්නේ ළමුන්...

පනින්න පෙර කියවා බලනු

ප්‍රශ්න හමුවේ සියදිවි හානි කර ගන්නේ නම් ලෝකයම මේ වන විට සුසාන භූමියක් වනු නොඅනුමානය. මන්ද ප්‍රශ්නක් නැති මිනිසුන් ලොව..

අත පෑවොත් පන්දාහයි බස්රථ වල සිගාකෑමට එරෙහිව දඩ

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවහාන සේවාව ලෙස හදුන්වන්නේ බොහෝ දුරට බස්රථයයි.එදිනෙදා තම දෙෙනික අවශ්‍යතාවයන් සම්පුර්ණ...

ඔයත් BMICH එකේ BOOK FARE ගියාද?

කියවීම මිනිසා සම්පුර්ණ කිරීම බොහෝ කාලයක සිට අප අසා ඇති කියමනක් වුවත් වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය මගින් කියවීමට තරම් ඉඩකඩක්..

මීටර් නැත්නම් රෝද තුනේ යන්න එපා

එෆ් බී පොලිටික්ස් අපි වාහන සහ වාහනවලට අදාළ නීති රීති ගැන නිරතුරුව කථාකරනවා. ඒකෙනුත් ත්‍රී රෝද රථ ගැන තමයි අපි වැඩි වශයෙන්ම..

අලි ගැන වලි

අලියා කියලා කියන්නේ ලංකාවේ ජාතික සංකේතයක්. ශ්‍රී ලංකාව කියන නම ජාත්‍යන්තරයේ සටහන් කරද්දි හුග වෙලාවට අපි දකින්නේ අලියා ආශ්‍රිත..

ජනතා හදවතෙන් දියවෙන දියවන්නාවේ නෑදෑයෝ

අද සැප්තැම්බර් 6 වෙනිදා. 2017 අවුරුද්දෛ් 3 වන පාසල් වාරය ආරම්භ වෙන්නේ අද. ඉස්කෝලේ යන කාලයේ අපිට මතකයි නාම ලේඛනය..

හේත්තු වුනොත් බලාගෙනයි

ශ්‍රී ලංකාව කියලා කියන්නේ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. හුග දෙනෙක්ට තවමත් තමන්ගේම කියලා වාහනයක් ගන්න..

දිනනදාට මල් - පරදිද්දි ගල්

ක්‍රිකට් ගැන තරම් එෆ් බී පොලිටික්ස් අපි කථා කරපු වෙන මාතෘකාවක් නැති තරම්. ඒ තරමට ක්‍රිකට් අපේ මූලික අවශ්‍යතාවක් බවට පත්වෙලා ඉවරයි..

මැතිසබයේ රැව්දුන් ටොමියයි හිගන්නයි - අනුමත කරන්නට බැරි මහජන නියෝජිතයින්ගේ කතා

මෙම සිදුවීම පමණක් නොව ගෙවී ගිය කාල පරිච්චේදය තුළ බොහෝ මන්ත්‍රීවරුන් මෙන්ම ඇමතිවරුන් පවා පාර්ලිමේන්තුව තුළ ඇතැම් ප්‍රකාශ..

රත්වෙනකම් නටන කකුලුවන් ගැන නලින් මන්ත්‍රීතුමා කියපු කථාව

විශ්වාස භංග / ඉල්ලා අස්වීම් සහ ඉවත්කිරීම් නිසා ලංකාවේ දේශපාලනය මේ දවස්වල හොඳටම උණුසුම් වෙලා. ඊලගට මොනවා වේවිද?



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online