හොඳයි වරදක් නෑ.. සමහර දේවල් වලට හිනා යන්නේ නම් නෑ හැබැයි

ටෙනිසන් කුරේ.. ශ්‍රී ලංකාවේ ඉන්න දක්ෂ විකට නළුවෙක්. වේදිකා නාට්‍ය නළුවෙක්. ඒ වගේම අධ්‍යක්ෂකවරයෙක්. ඒ කොහොම වුනත් ටෙනිසන් කුරේ මුළු රටේම මිනිස්සුන්ගේ හිත දිනා ගත්ත දක්ෂ විකට නළුවෙක් විදියට. 1986 "පෙරළිකාරයෝ" සහ "නොම්මර එකයි" ටෙනිසන් කුරේ ක්ෂේත්‍රයට පය තබන්නේ. ඊට පස්සේ ටෙනිසන් කුරේ ගේ විශාල චිත්‍රපට ප්‍රමාණයක් එලියට එනවා. චණ්ඩින්ගෙත් චණ්ඩියා, සම්බුදු මහිම, හොඳ හොඳ සෙල්ලං, හිත හොඳ පුතෙක්, හොඳින් නැත්නම් නරකින්, ඇසළ සඳ, චෙරියෝ ඩොක්ටර්, අලි බබා සහ හොරු 40, ආසයි බයයි මේ චිත්‍රපට අතරේ මෑතකාලයේ තැන්ක් යූ බර්ටි, ජීවිතේ ලස්සනයි, සුපිරි අන්දරේ, රංජා, සිංග මචං චාර්ලි මේත් එක්කම මේ අවුරුද්දේ අලුත් චිත්‍රපට දෙක තුනක්ම එළිදක්වනවා. එයින් එකක් තමයි හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර් අනිත් එක තමයි නෝන හරිම වසයි. 

මේ වගේ චරිතෙකට attitude check එකේ ඉඩක් ලබා දෙන්න ඕනේ කියල අපිට හිතුනා. කොහොම හරි ඒ පැය දෙක අතුලත ටෙනිසන් කුරේට ලැබුන ප්‍රතිචාර තමයි මේ. 

"අපි ගොඩක් ආදරේ කරන සිංහල සිනමාවට වැඩක් කරපු කෙනෙක්."
"ලංකාවේ විකට ලොවේ රජ්ජුරුවෝ."
"ටෙනිසන් කියන්නේ අපි ආසම චරිතයක්."
"හරිම නිදහස් මනුස්සයෙක් වගේ තමයි පෙන්නේ."
"ලංකාවේ ඉන්න චරිත වලින් supirima චරිතයක්"
"මේ වගේ කෙනෙක් කවදාවත් ලංකාවට බිහිවෙන එකක් නෑ."     

හැමෝටම වගේම ටෙනිසන් කුරේටත් හොඳ වගේම ඊට වෙනස් ප්‍රතිචාරත් තිබුනා. ඒ දේවල් වලට අපි ඔහුගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් වැඩසටහන ඇතුලත අවස්ථා දෙකකදී අපි ටෙනිසන් කුරේව දුරකථනය ඔස්සේ සම්බන්ද කරගත්තා. 

අපිට නම් එයාගේ විහිලු වලට හිනා යන්නේ නෑ. අඩුම තරමේ ටෙනිසන් කුරේට වත් එයාගේ විහිලු වලට හිනා යනවා ද කියලා අහනවා?
"මිනිස්සුන්ට ඉතින් එහෙම කියන්න පුලවන්. මොකද මට කැමතයි පිරිසක් වගේම අකමැති පිරිසකුත් ඉන්නවා."

දැන් ටෙනිසන් කුරේගේ යුගේ ඉවරයි. දැන් අලුත් අය ඉන්නවා. ඒ වෙනුවට මිනිස්සු මෙහෙම කියනවා?
"ඔවු.. අපිටත් යුගයක් තිබ්බා. දැන් අලුත් අය ඉන්නවා. අපිටත් කලින් යුගයක් තිබ්බා. එහෙම තමයි ඉතින්."

දැන් කරන drama ටෙනිසන් කරන්නේ සල්ලි හම්බ කරන්න ද? මිනිස්සු මෙහෙමත් අහල තියනවා. 
"එහෙම නම් නෑ. මම මේ මාසෙත් නොමිලේ වැඩ කිහිපයක් තියනවා. ඉතින් මම එහෙම සල්ලි බලාපොරෝත්තුවෙන් වැඩ කරන්නේ නෑ. ඒ වුනාට ජීවත් වෙන්නත් සල්ලි ඕනේ."

අලුතෙන් ක්ෂේත්‍රයට අවිල්ල ඉන්න විකට නළුවෝ ගැන ටෙනිසන් කුරේගේ අදහසත් මිනිස්සු අහලා තිබුනා?
"හොඳයි වරදක් නෑ. සමහර දේවල් වලට හිනා යන්නේ නම් නෑ හැබැයි."
 


කොහොම හරි අවසානයේ ඔහුට ලැබුන ප්‍රතිපලය මෙන්න මේකයි. 85%ක් ඔහුට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඉතුරු 15%  විවේචනය කරලා තිබුනා.


මාසේ අන්තිමේ දහසකුත් දෙනාට මම පඩි ගෙවනවා. ඒ මිනිස්සු මට ඇවිල්ල එයාලගේ දුක කියනවා.

දශකයකට වැඩි කලක ඉඳලා දේශපාලනය ගැන අත්දැකීම් ඇති පුද්ගලයෙක් තමයි තිලංග සුමතිපාල කියන්නේ. ඔහු වර්තමානයේ අපේ රටේ ක්ෂේත්‍ර..

මම තමයි ලංකාවේ මුලින්ම අඬන trend එකක් ඇති කරේ..

අපි කවුරුත් දන්නා කළාකරුවෙක් තමයි ජැක්සන් ඇන්තනි කියන්නේ. දරුවන් තිදෙනෙකුගෙන් යුත් මේ පවුලේ සියලු දෙනාම කලාකරුවෝ..

විවාහ වෙන්න කලින් තියෙන නඩු ටික විසඳ ගන්න ඕනේ.. නාමල් කියන කතාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පුත්‍රයා නාමල් රාජපක්ෂ.. මොහු තීඥවරයෙක්.

තිසුරි සම්මාන විතරක් බලාගෙන රඟපාන කෙනෙක් ද?

මවගෙන් ලැබුන ඒ පන්නරයත් එක්ක තිසුරි යුවනිකා රංගනයට අවතීර්ණ වෙනවා. ඇයගේ මව සුසන්තා චන්ද්‍රමාලි මහත්මියයි..

පවිත්‍රා වන්නිආරච්චිට එකතු වෙලා වැඩ කරන්න ආණ්ඩු පක්ෂයෙන් ඉඩක් නැද්ද?

වෘත්තියෙන් නීතිඥවරියක වන පවිත්‍රා දේවී වන්නිආරච්චි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ නිතර කැපී පෙනෙන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන..

මට වැඩ පෙන්වන්න අවස්ථාවක් ලැබුනේ නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතීතයේ සිට ගත් විට බිහි වූ හොඳම පන්දු රකින්නෙක් ගැන කතා කරොත් අපේ මතකයට නැගෙන ක්‍රීඩකයෙක් ඉන්නවා..

චම්පික රණවක ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙයිද?

අමාත්‍ය පාඨලී චම්පික රණවක.., මොහු දේශපාලන චරිතයක් විතරක් නෙවෙයි. හොඳ ලේඛකයෙක්. උපත ලබන්නේ 1965.08.04 බුලත්සින්හලදී..

ප්‍රියංකර පෙරේරා, චලක චමුපතිට රිදෙන්න කිව්ව කතාව..

ප්‍රියංකර පෙරේරා.. ගායකයෙක් ද? නළුවෙක් ද? මිල්ටන් පෙරේරාගේ ආදරණීය පුත්‍රයෙක්. තම පියාගේ උරුමයෙන් ලැබුන සහජ හැකියාව ඔස්සේ..

මගේ කැමැත්තට හැමදේම වෙනවා නම් මට පුළුවන් හැමදේම වෙනස් කරන්න

දේවිකා මිහිරාණි.. ලංකාවේ මුල්ම ටෙලිනාට්‍ය නිළිය කලාවට සම්බන්ද වුනේ තමන්ගේ සැමියා ඒ කියන්නේ විජය නන්දසිරි මහත්මය නිසා..

දැනටත් මට එක්සත් ජාතික පක්ෂයෙන් අරාධනා ලැබෙනවා

1948 මැයි මස 8 වෙනිදා උපත ලැබූ ගාමිණි ලොකුගේ මහත්මයා අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයේ. අධ්‍යාපනය ලැබීමෙන්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online