ඉස්සරට වඩා අපිට දැන් ඉල්ලුම වැඩි

පොඩි කාලේ ඉදන් තමන්ට තිබ්බ ඒ බලාපොරොත්තු ටිකෙන් ටික වෙනස් වෙලා ජීවිතේ වෙනස්ම පැත්තකට යොමු වෙනවා. හිතුවෙවත් නැති විදියකට තමයි ක්ලීටස් මෙන්ඩිස් රංගනයට සම්බන්ද වෙන්නේ. පාසල් යන කාලේ ඉදන් ක්ලීටස් මෙන්ඩිස් කියන්නේ දක්ෂ foot ball player කෙනෙක්. ඔහුගේ තිබුන බලාපොරොත්තුවක් තමයි ලෝකෙම පිළිගන්න foot ball player කෙනෙක් වෙන එක. නමුත් ඔහුට එහෙම වෙන්න හැකියාවක් ලැබෙන්න නෑ. 

ක්ලීටස් මෙන්ඩිස්ට තිබ්බ අනිත් බලාපොරොත්තුව තමයි හමුදාවට බැදෙන එක. ඔහුට පොඩි කාලේ ඉදන් තිබ්බ ලොකුම හීනේ තමයි ඒ. නමුත් අවාසනාවට ඒ දේ සාර්ථක වෙන්නෙත් නෑ. ඔහුට ජීවිතේ ඇතිවුන ලොකුම කලකිරීම තමයි හමුදාවට යන්න බැරි වුන එක. 

කොහොම හරි අහම්බෙන් වගේ 1974 දී රංගනයට සම්බන්ද වෙනවා ඒ වේදිකා නාට්‍ය හරහා. මොකද ක්ලීටස් මෙන්ඩිස් කියන්නේ සෑම සටන් කලාවක්ම හදාරපු කෙනෙක්. ඊට පස්සේ ඒ කියන්නේ 1978 විතර තමයි ක්ලීටස් මෙන්ඩිස් "වීර පුරන් අප්පු" චිත්‍රපටය හරහා සිනමාවට සම්බන්ද වෙන්නේ. එත් එක්කම ක්ලීටස් මෙන්ඩිස්ට වේදිකාව මගහැරුනලු. 

රංගන ක්ෂේත්‍රය තුල දැවැන්ත චරිතයක් විදියට තාමත් මිනිස්සුන්ගේ හිත වල ඉන්න ක්ලීටස් මෙන්ඩිස්ව අපි attitude check වැඩසටහනට සම්බන්ද කරගත්තා. අපි ඇහුවා මිනිස්සු මොන විදියටද ක්ලීටස් මෙන්ඩිස්ව දකින්නේ කියලා. වැඩසටහන තුල ක්ලීටස් මෙන්ඩිස්ට ලැබුනේ මෙන්න මේ විදියේ ප්‍රතිචාර. 

"මේ අපේ රටේ ඉන්න මැණිකක්."
"රංගනයේදී ඒ දාන acting වෙන කාටවත් දාන්න බෑ."
"ඔහුගේ හැකියාව අපි අගේ කරන්න ඕනේ."
"ලංකාවට ඕනේ මේ විදියේ චරිත තමයි."
"හොඳකුත් නෑ. නරකකුත් නෑ."
"එදා ඉදන් රංගනයේ ප්‍රබල චරිතයක්."
"හොඳ හදවතක් තියෙන පුද්ගලයෙක්."

වැඩසටහන ඇතුලත අපි ඔහුව දුරකථනය ඔස්සේ දෙවතාවක් සම්බන්ද කරගත්තා. මේ ප්‍රතිචාර එක්ක ක්ලීටස් මෙන්ඩිස්ට ලැබුන අනිත් ප්‍රතිචාර වලට පිළිතුරක් අපි ඔහුගෙන් විමසුවා. 

මේ පලමු වතාවේ ඔහු දරපු අදහස ඔහුට ලැබුන ප්‍රතිපලයට.
 

මිනිස්සු කියනවා ඉස්ස්සර වගේ ක්ලීටස් මෙන්ඩිස්ට දැන් ඉල්ලමක් නෑ නේද කියල.?
"වෙනදට වඩා දැන් ඒ ඉල්ලුම වැඩි වෙලා තියෙන්නේ. දැන් අපිට වෙලාවත් මදි."

ක්ලීටස් මෙන්ඩිස් රඟපෑවේ නපුරු චරිත විතරයි. ගහ මරාගන්න චරිත විතරයි. ඇයි මේ වගේ එකම රාමුවකට කොටු වුනේ කියල නිසු අහනවා?
"ඒක ඇත්ත. දුෂ්ට චරිත තමයි මට ලැබුනේ. එහෙම වුනේ ගොඩක් අය මාව ඉල්ලනවා. ඒ මම ඉන්න විදිය නිසා."

මෑත කාලයේ චිත්‍රපට වලට ක්ලීටස් මෙන්ඩිස්ට ආරාධනා ලැබෙන්නේ නෑ නේද කියල තව කෙනෙක් ඇහුවා?
"අරාධනා නම් ලැබෙනවා. ඉතිහාස කතා එහෙම ගොඩක් ලැබෙනවා..නමුත් මම භාර ගන්නේ නෑ."

මේ සියලු දේ එක්ක අවසානයේ ක්ලීටස් මෙන්ඩිස්ට ලැබුනේ ප්‍රතිපලය 74%ක ප්‍රමාණයක් කියලා තිබ්බා ක්ලීටස් මෙන්ඩිස් කියන්නේ හොඳ චරිතයක් කියලා. එත් එක්කම ඉතුරු 26%ක ප්‍රමාණය ඔහුව විවේචනය කරලා තිබුනා. 
 


ඒක මට අහම්බෙන් ලැබුණ තෑග්ගක් - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී ඉද්දමල්ගොඩ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. වර්තමාන රංගන ශිල්පිනියන් අතරේ තමන්ගේම රංගන ප්‍රතිභාවක් නිරුපනය කරන ඇය..

කුමාරණතුංග නම මගේ ගමනට ශක්තියක් - ජීවන් කුමාරණතුංග

ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුළ බිහිවූ ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම රටේ නමක් දිනූ දේශපාලකයෙකු වෙන ජීවන් කුමාරණතුංග සමඟින්..

ලෝකේටම කියලා මඟුල් කෑවත් එකයි නොකියා මඟුල් කෑවත් එකයි - දුලීකා මාරපන

ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියන් අතර දක්ෂතම රංගන ශිල්පිනියක් වන ඇය විවිධ චරිත හමුවේ සිය රංගන ප්‍රතිභාව නිරූපණය කරනවා..

පෞර්ෂත්වය මනින්න බෑ කටහඬින් - රොමේෂ් සුගතපාල

2003 දී ගායනයට පිවිස අද දක්වා සිය ජනප්‍රියත්වය රැකගත් වෙනස්ම හඬකට උරුමකම් කියන සොඳුරු ගායන ශිල්පියා ඔහුයි...

බැරිම වුනොත් රට අත ඇරලා යනවා - මහේන්ද්‍ර පෙරේරා

1993 දී සිය රංගන දිවිය අරඹමින් ශ්‍රී ලාංකීය චිත්‍රපට, ටෙලිනාට්‍ය වගේම වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙස විවිධ චරිත නිරූපණය කරමින්...

කතා පොතක් ලියන්නේ කතුවරයාට උවමනා විදියට මිසක් ඔයාට ඕන විදියට නෙවේ

ජිවත් වෙනකොට සුදුසු පරිසරයක ජිවත් වෙන්න ඕන. නැත්තම් හිතේ සතුටින් ජිවත් වෙන්න බෑ. අපි අවට ජිවත් වෙන අය මතත් අපේ ජිවිතේ සතුට..

මම සුදු වෙන්න කිසිම එන්නතක් පාවිච්චි කරලා නෑ.. නොදන්න දේවල් කතා කරන්න එපා - නතාශා පෙරේරා

සුළඟක් වී ක්ෂේත්‍රයට ආ ඇය රංගනය, ගායනය, නිවේදනය තුලින් ජනතාව අතර කැපී පෙනෙන චරිතයක් බවට පත්වුනා. නමුත් අද වෙද්දී ඇයගේ..

නිරෝෂා විරාජිනි, ප්‍රින්ස් උදය ප්‍රියන්ත සම්බන්ධ කටකතාවට කෙලින්ම දුන්න උත්තරේ..

නිරෝෂා විරාජිනි ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පිණියක්. පහුගිය දවසක අපි අතරින් වෙන්වුන ප්‍රින්ස් උදය ප්‍රියන්ත තනිකඩව ජීවත් වුනේ ඇය නිසා..

ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම ගැන, ජීවිතේ ගැන රොෂාන් ප්‍රනාන්දු කිව්ව කතාව

ලංකාවේ ප්‍රසිද්ධ චරිත ගැන විවිධ කතා, කටකතා පැතිරෙන එක නවත්තන්න බෑ. එයාලගේ ආඩම්බරකම ගැන එයාලගේ ප්‍රේම සම්බන්ධතා ගැන කතා..

ඒ ආත්මේදිත් මම ප්‍රාර්ථනා කරන්නේ ගයාන්වම තමයි - චතුරිකා පීරිස්

2000 වසරෙන් තමන්ගේ රංගන දිවිය අරඹපු ඇය අද වනවිටත් කලා ක්ෂේත්‍රයේ නැතුවම බැරි චරිතයක්. ඒ හින්දම පුංචි තිරයේ දඟකාරිය චතුරිකා පීරිස්..

දුක්ගන්නාරාළ ලකුණ, ශ්‍රී ලාංකිකයි ගැමියි

වසන්ත දුක්ගන්නාරාළ, අපේ රටේ අනන්‍යතාවය නව පරපුරට දායාද කරන සුන්දර චරිතයක්. ඔහු විවිධ හැකියාවන්ගෙන් සපිරි වෙනස්ම ගමනක යන..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online