කැමති වෙලාවක ගිහින් කැමති වෙලාවක එන්න

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ හරිම සංවේදී මාතෘකාවක්. උදේට කාර්යාලයකට එහෙම නැත්නම් පාසලකට යද්දි සහ හවසට එද්දි විඳින්න වෙන අමාරුව දන්නේ ඒ අත්දැකීමට මුහුණ දුන්නු කෙනෙක්ම විතරයි. ඇතැම් අවස්ථාවලදී උදේ ට්‍රැෆික් නිසා මුලු දවසම ඉවරයි කියලා කියන්න වෙන අවස්ථාත් නැතුවාම නොවේ. බලයට පත්වුණු හැම ආණ්ඩුවක්ම ට්‍රැෆික් එහෙම නැත්නම් රථවාහන තදබදය අවම කරන්න විවිධ සැලසුම් ක්‍රියාත්මක කලා. ඒත් ඒවා හරිගියාද නැද්ද කියන එක තීරණය ඔබට භාරයි.
 
ඔන්න බත්තරමුල්ල නගරයේ ට්‍රැෆික් අඩුකරන්න මේ ආණ්ඩුවත් අලුත් පියවරක් ගන්න යනවා. ඒ එම ප්‍රදේශයේ රාජ්‍ය කාර්යාලවල ඉන්න සේවක සේවිකාවන්ට කැමති වෙලාවක කාර්යාලයට ඇවිත් කැමති වෙලාවක රාජකාරි හමාර කරලා යන්න අවස්ථාව සලසමින්. මේ කැබිනට් තීරණය මෙන්න මෙහෙමයි දැක්වුණේ. 
 
බත්තරමුල්ල ප්‍රදේශය අවට රජයේ කාර්යාලවල සේවයේ නියුතු පිරිස් වෙත සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට රජය තීරණය කොට ඇත. 
 
ඒ අනුව, පෙරවරු 7.30 සිට පෙරවරු 9.15 දක්වා ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීමටත්, රාජකාරි කටයුතු ඉටු කළ යුතු නියමිත කාලය නිමවීමෙන් පසු පස්වරු 3.15 සිට පස්වරු 5.00 දක්වා ඕනෑම අවස්ථාවක කාර්යාලයෙන් බැහැරව යාමටත් හැකි වන පරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි කාර්යාලවල මෙම නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. 
 
2016 නොවැම්බර් සිට 2017 ජනවාරි දක්වා මාස තුනක කාල සීමාවක් තුළ බත්තරමුල්ල පරිපාලන ප්‍රදේශයේ පිහිටි රජයේ ආයතන වෙත පැමිණි රථවාහන සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයක් අනුව, කාර්යාලයට පැමිණීම සඳහා පෞද්ගලික වාහන හෝ රාජකාරි වාහන භාවිත කරන නිලධාරින්ගෙන් 58%ක් පමණ පෙරවරු 7.00 සිට පෙරවරු 9.30 දක්වා රාජකාරියට පැමිණීම සඳහාත් පස්වරු 3.00ත් පස්වරු 5.30ත් අතර රාජකාරි අවසන් කර කාර්යාලවලින් පිටවීම සඳහාත් එකී වාහන භාවිත කරන බව හෙළි වී ඇත. 
 
අද අපි FB Politics මේ ගැන කථා කලේ මෙන්න මෙහෙමයි.
 
 


කෝටි ගණන් වටින නෝටි කුඩු

මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අද වෙනකොට මුලු ලෝකේටම පිළිලයක් වෙලා තියෙන දෙයක්. එක පාරක් කන්ටේනරයක තිබිලා හෙරොයින් කිලෝ..

කටට රස බුලත් විට ඇත්තටම ඇඟට විසයිද?

ඈත ඉතිහාසයේ පටන් මෑත වර්තමානය තෙක්ම අපේ දේශීයත්වය තුලින් ජනයා තුළ මුල් බැසගත් හුරු පුරුදු ගතිලක්ෂණ චර්යාවන් පැවැත් අතර..

අපේ ක්‍රිකට්වල මීලග පිම්ම ගැන තිලංග කල හෙලිදරව්ව

ක්‍රිකට් කියලා කියන්නේ අපේ රටේ ජාතික ක්‍රීඩාව නොවුනට ඊටත් වැඩිය අපි ආදරය කරන සහ ජනප්‍රියත්වයට පත්වෙච්ච ක්‍රීඩාවක්..

තෝරු මෝරු පැනලා ගිහින් ඉස්තාලයෙන්?

දූෂණය / වංචාව / හොරු / මෙගා ඩීල් 2015 ජනාධිපතිවරණයේදී මේ වචන වේදිකාවල රැව්දුන්නා. කොටින්ම කියනවා නම් මේ ආණ්ඩුව බලයට..

ඉතින් සමුගමු පොලිතින්

පරිසරය / කසළ / පොලිතින්. මේ වගේ දේවල් ගැන දැන් කෙරෙන කථාබහ ටිකක් වැඩිවෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කසල හා බැඳුණු..

පමාවක් නැතිව කොමාවක් තැබිය යුතු, සමාවක් දිය නොහැකි උමා ඔය අර්බුදය

ජීවිතේ සමහර දේවල් තියෙනවා කොමාවක් තියා තිතක් තියලවත් ආපහු හරිගස්සන්න බැරි. ඒකයි පනින්න පෙර සිතා බලන්න කියලා කියන්නේ...

එයාලාට ඕනෑලු.. මෙයාලාට එපාලු..

රටක ප්‍රධාන නීතිය හැටියට ගණන් ගැනෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ වගේ දෙයක් වෙනස් කරනවා කියලා කියන්නේ සුලුපටු කාරණයක්..

පළා බබාට තවත් තටු?

බලය ඛෙදා හැරීම කියන කාරණය කථා කරද්දි අපිට මුලින්ම ඔලුවට එන්නේ පළාත් සභා. ඒකට හේතුවක් තියෙනවා. 13 වන ව්‍යවස්ථා..

වැඩ අතරමග නතරකරන වැඩ වර්ජන

ඕනෑම පුද්ගලයෙකුට විවිධාකාර ප්‍රශ්න ගැටළු අභියෝග වලට ජිවිත කාලය තුල දීමට සිදුවීම සාමාන්‍යය. තමා නියැලෙන වෘතිය මූලික කරගනිමින්..

ශ්‍රී ලංකා ටීම් එක ෆිට් මදිද?

ශාරීරික යෝග්‍යතාව යනු සැබවින්ම සාමාන්‍ය පුද්ගලයෙකුට වුව නීරොගිව දිවිගෙවිමකට අනිවාර්යයෙන්ම පවත්වාගත යුතු ප්‍රධාන, ප්‍රභල සාධකයකි..

අන්තරේ වැඩියෙන් ලැදි පොතටද? පාරටද?

රටකට අවශ්‍ය වන උගතුන් බුධිමතුන් බිහිකිරීමේ කේන්ද්‍රස්ථානය වනාහි විශ්වවිද්‍යාලයයි. විශේෂයෙන්ම දැනුමෙන් පරිපුර්ණ සමාජයක් යනු සැබවින්ම..

මදුරුවා පොඩි වුනාට ලෙඩේ භයානකයි.. ඩෙංගු තාමත් මාරාන්තිකයි

නීරෝගීත්වය යනු සැබවින්ම ලෙඩ රෝග වලින් තොරවීම නම් අප බොහෝ විට අප අපේක්ෂා කරනුයේ එයයි. ගැටලුව නම් අප සැබවින්ම කිසිම..

හිත හදන ආගම කෙලසන විලි නැතිවාදය

ආගමක් යනු පැහැදිලිවම පුද්ගලයෙකුගේ චින්තනය, දර්ශනය සහ ඔහුගේ ආකල්ප පිළිබිබු කරන කැඩපතක් බදුය. අධ්‍යාත්මික මානසික හික්මීම සදහා..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online