ලතා වල්පොල මහත්මිය ඉස්සර වගේම තාමත් අහංකාරද?

1933 නොවැම්බර් 11 උපත ලැබූ ලතා වල්පොල මහත්මිය.. වර්තමානයේ කලාකටයුතු වලින් යම්තාක් දුරට ඈත් වෙලා තමන්ගේ ජීවිතය නිදහසේ ගත කරන්නට ඇය තීරණය කර තිබෙනවා. ලතා වල්පොල මහත්මියගේ දෙමාපියන්ද කලාවට සම්බන්දයි. ඒ නිසාම ලතා වල්පොල මහත්මියත් ගායන ක්ෂේත්‍රයට සම්බන්ද වෙනවා. ඇය ඉගෙනගන්නේ ගල්කිස්ස සාන්ත අන්තෝනි විද්‍යාලයේ. ඇය පාසල් කාලයේ පටන් ගායනයට වගේම, නර්තනයටත්, රංගනයටත් දැඩි කැමැත්තක් දක්වල තියනවා. 
 
වයස අවුරුද් 10දී ඇය පල්ලියේ ගීතිකා කණ්ඩායමට තෝරා ගත්තා. පසුව ඇය එහි නායිකාව බවටද පත් වුනා. ඇගේ ප්‍රථම ගීත තමයි "එදා රෑ" චිත්‍රපටයේ "හරි හරි" කියන ගීතය. ඒ හරහා පටන් ගත්ත සංගීත ගමන මේ වෙනකොට ඇය විශාල දුරක් ඇවිල්ල තියනවා. ගැටවරයෝ චිත්‍රපටයේ හීන හතක් මැද කියන ගීතයට තමයි ඇයට මුලින්ම සම්මානයක් ලැබුනේ. ඒත් එක්කම සරසවි සම්මාන 5ක්. ජනාධිපති සම්මාන 2ක්. "රණතිසර සම්මානය", “කලාශූරි සම්මානය“, “වීර විදහන රන්සිළු" සම්මානයද දිනා ගත්තා. ගායන දිවියේ ස්වර්ණ ජයන්තිය - “ලතා රන්රස ප්‍රණාම“ 1998 හා පනස් වසරක් තුළ සිංහල සිනමාවට කළ සේවය වෙනුවෙන් “රන්සිළු සම්මානයෙන්ද“  ඇය පිදුම් ලබා තිබේනවා. 
 
එදා ඒ පටන් ගත්ත ගමනත් එක්ක වර්තමානය වනවිට ලතා වල්පොල මහත්මිය පිලිබඳ මොන වගේ අදහසක් ඇගේ රසිකයන් තිබෙනවාද යන්න බලන්න අපි attitude check වැඩසටහනට ලතා වල්පොල මහත්මියව සම්බන්ද කරගත්තා. ඇයට ඇගේ රසිකයන්ගෙන් ප්‍රතිචාර දැක්වුවේ මේ විදියට. 
 
"අපි හිත් වල හැමදාම ඉන්න චරිතයක්"
"ජාතියේ මුද්‍රාව විදියට ඇයව නම් කරන්න පුළුවන්"
"ඇගේ හඬ වගේ හඬ අපේ රටේ තවත් නෑ"
"ඒ ලස්සන හඩට අපේ හිතේ තියෙන්නේ පුදුම වටිනාකමක්"
"එදත් අදත් හෙටත් ඇය. ඇයම තමයි"
"ඒ වගේ ගීත දැන් නිර්මාණය වෙන්නේ නෑ"
 
මේ සියලු දේ එක්ක මෙම අදහස් ඇයට පැවසීමට අපි ලතා වල්පොල මහත්මිය වැඩසටහන තුලදී දුරකථනය ඔස්සේ සම්බන්ද කරගත්තා. රසික ප්‍රතිචාර වලට ඇය ප්‍රතිචාර දැක්වුවේ මෙන්න මේ විදියට. 
 
අලුත් නිර්මාණයකට ඔබතුමියට ආරාධනා ලැබුනොත් ඔබතුමිය ඒ ආරාධනාව භාරගන්නවා ද කියල රසිකයෝ අහනවා?
 "ඔව් මම භාර නොගෙන ඉන්නේ නෑ. මම පුළුවන් විදියට කරනවා."
 
ලතා වල්පොල මහත්මියගේ පොඩි අහන්කාරකමකුත් තියනවා නේද කියලා කිහිපදෙනෙක් ඇහුවා?
"මගේ ළඟ අහංකාරකම් නෑ. හැමෝම කියන්නේ මට තව අහංකාර වෙන්න කියලා."
 
ලතා වල්පොල මහත්මියට අපේ රටේ ඉදිරි පරම්පරාවක් නිර්මාණය කරන්න වූවමනාවක් නෑ කියලා තමයි මිනිස්සු කියන්නේ?
"අපි ඉතින් මොකක්ද කරන්න ඕනේ. දැන් හොඳ පරම්පරාවක් ඉන්නේ. ඉතින් අපි මොනවටද නිර්මාණය කරන්නේ."
 
මේ දේවල් එක්ක ලතා වල්පොල මහත්මියට ලැබුනේ මෙන්න මේ විදියේ ප්‍රතිපලයක්. 94%ක් ඇයට හොඳ ප්‍රතිචාර ලැබුනා. එත් එක්කම ඉතුරු 6%ක ප්‍රමාණය ඇයව විවේචනය කරා. 
 


මගේ කැමැත්තට හැමදේම වෙනවා නම් මට පුළුවන් හැමදේම වෙනස් කරන්න

දේවිකා මිහිරාණි.. ලංකාවේ මුල්ම ටෙලිනාට්‍ය නිළිය කලාවට සම්බන්ද වුනේ තමන්ගේ සැමියා ඒ කියන්නේ විජය නන්දසිරි මහත්මය නිසා..

දැනටත් මට එක්සත් ජාතික පක්ෂයෙන් අරාධනා ලැබෙනවා

1948 මැයි මස 8 වෙනිදා උපත ලැබූ ගාමිණි ලොකුගේ මහත්මයා අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයේ. අධ්‍යාපනය ලැබීමෙන්..

මම වේදිකාවේ දඟලන්න කැමති නෑ. ගායකයා කියන්නේ රංගන ශිල්පියෙක් නෙවෙයි.

ඒ කාලේ CD තැටි තිබ්බේ නෑ තිබ්බේ පර් තැටි නේ.. කුඩා කාලයේ ඉදන්ම ආස කලේ සංගීතයටම විතරයි කියල තමයි සෝමසිරි මැදගෙදර..

ආණ්ඩුවෙන් කිසිම දෙයක් ඉල්ලපු නැති කලාකරුවෙක් තමයි මම

එකම දවසේ එළිමහන් ප්‍රසංග වැඩිම ප්‍රමාණයක් නිවේදනය කරපු ලංකාවේ එකම නිවේදන ශිල්පියා.. ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය වගේම චිත්‍රපට..

අප්පච්චි මලා - ප්‍රකාශයෙන් මට ලොකු හානියක් වුනා

විජිත් විජයමුණි ද සොයිසා. 1958 නොවැම්බර් පළමුවනදා තමයි ඔහු උපත ලබන්නේ. තරුණ කාලේ පටන් දේශපාලනයට තිබුන කැමැත්ත..

සුජානි එක්ක මගේ ඉරිසියාවක් නෑ..

කුඩා කාලේ ඉඳලම කලාවට උනන්දුවක් තිබිලා තියනවා. ඒ තමන්ගේ පවුල් පසුබිමත් එක්ක. නමුත් රංගන ශිල්පියෙකු වීමේ අදහසක් ඔහුට තිබිලා නෑ..

දේශපාලය කියන දේ ඕනම කෙනෙක්ට තියෙන දෙයක්..

පාසල් කාලෙත් කලාවට සම්බන්දයි. ඒ වුනාට ප්‍රසිද්ධ නෑනේ. මේ බන්දුල විජේවීර මහත්මයා. පාසල්කාලේ ප්‍රසිද්ධ නැති වුනාට පාසලෙන් ඉවත්..

මගේ විදියට තමයි මම වැඩ කරන්නේ..

කොරීන් අල්මේදා 80 දශකයේ ගායිකාවන් අතර ප්‍රධාන තැනක් ගන්නවා. කොරීන්ගේ දෙමාපියන් පවා සංගීතයට ලොකු කැමැත්තක් තියන අය..

මොරීන් චාරුණී ද? නැත්තම් මොරීන් ඔහාරාද?

මොරීන් චාරුනීට කුඩා කාලයේ කලාවට සමබන්ද වීමට කිසිම ආසාවක් වත් වුවමනාවක්වත් තිබිලා නෑ. ඇය පාසල් කාලයේ පටන් ක්‍රීඩාවට තමයි..

එහෙම දෙයක් නෑ.. ඕක හරියට ඉදිරිපත් කලොත් මම හෙට පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙනවා.

කෑගල්ල ප්‍රදේශයේ උපත ලැබූ කෙහෙලිය රඹුක්වැල්ල මහත්මය අධ්‍යාපනය ලබන්නේ කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලයේ. වර්තමානයේ රටම දන්නා..

මම සමහර චරිත රඟපෑවේ මුදලට විතරයි..

සුජානි මේනකා අධ්‍යාපනය ලබන්නේ බම්බලපිටිය සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ. පාසල් යන කාලේ නර්තනය කරා..

චතුර සේනාරත්න කොහෙවත් බොරුවක් කියලා නෑ..

1982 උපත ලබන චතුර සංදීප සේනාරත්න, අමාත්‍ය රාජිත සේනාරත්න මහත්මයාගේ සහ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ පුත්‍රයායි..

මට වෙලාවක් නෑ.. මම ඉන්දියා වල coach කරනවා.

දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල තමයි මුත්තයියා මුරලිදරන් කියන්නේ. ඔහු ඉන්දීය සම්බවයක් ඇති ශ්‍රී ලාංකීය දමිළ ජාතිකයෙක්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online