මේ ප්‍රතිඵලයත් එක්ක මට ඡන්දේ ඉල්ලනත් පුළුවන් වෙයි වගේ..

තමන්ගේ රසිකයන්ව ක්ෂණිකවම හිනස්සනව කියන්නේ ඒක වෙනස්ම හැකියාවක්. "රොනී ලීච්" රංගනය ගායනය මේ දෙකම සමබර කරගෙන රසිකයාගේ ආදරයත් එදා ඉදන් රදවාගෙන එදා ඉදන් අද වෙනකල් ඒ නම වෙනසක් නොවී තියාගෙන එනවා කියන එක ලේසි නෑ. 1972 ආදුනික ගී තරඟයකට සහභාගී වෙලා අවසන් 45 දෙනා අතරට ඇවිල්ල සිවුවෙනියා බවට පත් වෙනවා. 

1973 ආශාවක් තිබ්බා සංගීත කණ්ඩායමක ගී ගායනය කරන්න. ඒ ආශාවත් කොහොම හරි ඉෂ්ට කරගත්ත ඔහු සංගීත කණ්ඩායම් කීපයක ඉඳලා තියනවා. play boys තමයි ඔහුගේ මුල්ම සංගීත කණ්ඩායම. ඊට පස්සේ super golden chines, හේස්, super තරංගා, මේ සියලු සංගීත කණ්ඩායම් වල ඉඳලා තියානවා. කොහොමහරි රොනී 1984 වගේ විදේශ ගත වෙනවා. අවුරුදු කිහිපයකට පස්සේ ඔහු ලංකාවට එනවා. ඒ ආපු ගමනේදී තමයි ඔහු gypsis සංගීත කණ්ඩායමත් එක්ක එකතු වෙලා "තට්ටයා" කැසට් එක නිකුත් කරන්නේ. 

පාසල් යන කාලේ ඉදන් සංගීතයට තිබ්බ ඒ හැකියාව සහ ගීත ගායනයට තිබ්බ ඒ දක්ෂතාවය නිසාම ඔහු ලංකාවේ ඉන්න හොඳ ප්‍රාසාංගික පුද්ගලයෙක් වෙනවා. මොහුව attitude check වැඩසටහනට සම්බන්ද කරගන්න ඕනේ කියල අපිට හිතුනා. මිනිස්සු ඔහුට කිව්වේ මෙන්න මේ විදියේ අදහස්. 

"රොනී කියන්නේ හොඳ විහිලු කාරයෙක් නේ."
"අපි නම් රොනී කැමතියි"
"අපි රෝනීගේ තට්ටේට තමයි කැමතිම."
"ලස්සන පෙනුමකුත් තියනවා."
"රංගනය තමයි රෝනීගේ හොඳම."

මෙහෙම දේවල් කියන අතරේ රොනී ලීච්ට මිනිස්සු වෙනස් විදියේ අදහස් කිහිපෙකුත් කියලා තිබ්බා.

අපි දැකල තියනවා රොනී ක්ෂණිකවම විහිලු කරනවා. ඒත් ඒ දේවල් වලට මිනිස්සුන්ට හිනා යනවා ද කියලා මිනිස්සු අහනවා?
"මිනිස්සුන්ට එහෙම හිතන පුළුවන්. හිනා යන්නේ නැද්ද දන්නේත් නෑනේ ඉතින්."

ගායන ක්ෂේත්‍රයට ආවට ඒ තරන්ම ගායන පැත්තෙන් හරි දෙයක් කරන්න බැරි වුනා නේද? රසිකයෝ මෙහෙමත් අහනවා?
"ඔවු ඒකෙ ඇත්තකුත් තියනවා. මම පුළුවන් දේ කරනවා."

තවත් කෙනෙක් ඇහුවා රංගනයේදී serious charactor එකක් ලැබුනොත් ඒක භාරගන්නවා ද කියලා?
"මම හැමෝටම කියන්නේ මට එහෙම චරිතත් පුළුවන්. ඒ වුනාට මට අධ්‍යක්ෂකවරු දෙන්නේ අනිත් චරිත."

අවසානයේ ඔහුට ලැබුන ප්‍රතිපලය තමයි 82%ක් ඔහුට හොඳ ප්‍රතිචාර ලැබුනා. ඉතුරු 18% ඔහුව විවේචනය කරලා තිබුනා. ප්‍රතිපලයෙන් පසුවත් ඔහු අදහස් දක්වද්දී ඔහු කිව්වේ "මේ ප්‍රතිපලයත් එක්ක මට ඡන්දෙ ඉල්ලනත් පුළුවන් වෙයි නේද" කියලා.


මාසේ අන්තිමේ දහසකුත් දෙනාට මම පඩි ගෙවනවා. ඒ මිනිස්සු මට ඇවිල්ල එයාලගේ දුක කියනවා.

දශකයකට වැඩි කලක ඉඳලා දේශපාලනය ගැන අත්දැකීම් ඇති පුද්ගලයෙක් තමයි තිලංග සුමතිපාල කියන්නේ. ඔහු වර්තමානයේ අපේ රටේ ක්ෂේත්‍ර..

මම තමයි ලංකාවේ මුලින්ම අඬන trend එකක් ඇති කරේ..

අපි කවුරුත් දන්නා කළාකරුවෙක් තමයි ජැක්සන් ඇන්තනි කියන්නේ. දරුවන් තිදෙනෙකුගෙන් යුත් මේ පවුලේ සියලු දෙනාම කලාකරුවෝ..

විවාහ වෙන්න කලින් තියෙන නඩු ටික විසඳ ගන්න ඕනේ.. නාමල් කියන කතාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පුත්‍රයා නාමල් රාජපක්ෂ.. මොහු තීඥවරයෙක්.

තිසුරි සම්මාන විතරක් බලාගෙන රඟපාන කෙනෙක් ද?

මවගෙන් ලැබුන ඒ පන්නරයත් එක්ක තිසුරි යුවනිකා රංගනයට අවතීර්ණ වෙනවා. ඇයගේ මව සුසන්තා චන්ද්‍රමාලි මහත්මියයි..

පවිත්‍රා වන්නිආරච්චිට එකතු වෙලා වැඩ කරන්න ආණ්ඩු පක්ෂයෙන් ඉඩක් නැද්ද?

වෘත්තියෙන් නීතිඥවරියක වන පවිත්‍රා දේවී වන්නිආරච්චි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ නිතර කැපී පෙනෙන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන..

මට වැඩ පෙන්වන්න අවස්ථාවක් ලැබුනේ නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතීතයේ සිට ගත් විට බිහි වූ හොඳම පන්දු රකින්නෙක් ගැන කතා කරොත් අපේ මතකයට නැගෙන ක්‍රීඩකයෙක් ඉන්නවා..

චම්පික රණවක ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙයිද?

අමාත්‍ය පාඨලී චම්පික රණවක.., මොහු දේශපාලන චරිතයක් විතරක් නෙවෙයි. හොඳ ලේඛකයෙක්. උපත ලබන්නේ 1965.08.04 බුලත්සින්හලදී..

ප්‍රියංකර පෙරේරා, චලක චමුපතිට රිදෙන්න කිව්ව කතාව..

ප්‍රියංකර පෙරේරා.. ගායකයෙක් ද? නළුවෙක් ද? මිල්ටන් පෙරේරාගේ ආදරණීය පුත්‍රයෙක්. තම පියාගේ උරුමයෙන් ලැබුන සහජ හැකියාව ඔස්සේ..

මගේ කැමැත්තට හැමදේම වෙනවා නම් මට පුළුවන් හැමදේම වෙනස් කරන්න

දේවිකා මිහිරාණි.. ලංකාවේ මුල්ම ටෙලිනාට්‍ය නිළිය කලාවට සම්බන්ද වුනේ තමන්ගේ සැමියා ඒ කියන්නේ විජය නන්දසිරි මහත්මය නිසා..

දැනටත් මට එක්සත් ජාතික පක්ෂයෙන් අරාධනා ලැබෙනවා

1948 මැයි මස 8 වෙනිදා උපත ලැබූ ගාමිණි ලොකුගේ මහත්මයා අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයේ. අධ්‍යාපනය ලැබීමෙන්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online