මගේ ටොෆි කොලයට එයා වන්දි ගෙවීම..

කෙනෙකුගේ කුණු එහෙම නැත්නම් කසල ගොඩකට තවත් කෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවානම් ඒක කෙතරම් දුක්බර සිදුවීමක්ද? ඒ වගේම තමයි සිංහල අලුත් අවුරුද්ද වගේ උතුම් දිනයක මේ වගේ සිදුවීමක් වීම තවත් කණගාටුදායකයි. ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි මේ කථා කරන්නේ මීතොටමුල්ල කුණු කන්ද නායයාමේ ඛේදවාචකය ගැන. 
 
මේ කථාව ආරම්භ වෙන්නේ 1989 දී. කොළොන්නාව නගර සභාව හා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව ඒ අවුරුද්දේ තමයි මෙතනට මුලින් කුණු ගෙනල්ලා දාන්න පටන් ගත්තේ. ඉස්සර කුඹුරක් උනු මීතොටමුල්ල කුණු කන්දක් වෙන්න පටන්ගත්තේ එහෙමයි. මුලු කොළඹම කුණු ගෙනල්ලා දාපු බ්ලූමැන්ඩල් කුණු කන්ද 2009 දී ගිනි ගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගොණු කරපු පෙත්සමක් අනුව එවක අගවිනිසුරු සරත් එන් සිල්වා නියෝගයක් දෙනවා බ්ලූමැන්ඩල් කුණු කන්ද වෙනුවට මීතොටමුල්ලට කසළ බැහැර කරන්න කියලා. හැබැයි අක්කර 2 ක විතරයි. ඒ අක්කර 2 ටික ටික ලොකු වෙලා අක්කර 20 ක් වෙන්නේ දවස ගානේ කසළ ටොන් 800 ක් එහෙම නැත්නම් කසළ කිලෝ අට ලක්ෂයක් බැහැර කිරීමත් සමගයි. 2011 / 2013 හා 2015 වසරවලදී මේ කුණු කන්දට විරෝධය පළ කරලා උද්ඝෝෂණ සත්‍යග්‍රහ පටන් ගන්නෙත් ඔය අතරවාරයේයි. මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යපාරය කියලා සංවිධානයක් පවා බිහි වෙන්නේත් මෙහිදීයි. නමුත් පැවති රජය වගේම වත්මන් රජයත් ඒ කිසිදෙයක් කණකට ගත්තේ නෑ. ඒ වගේම තමයි ප්‍රදේශවාසීන්ගේ හැසිරීමත් මෙහිදී අනුමත කරන්න බෑ. ඔතනින් අයින්වෙන්න කියලා වන්දි අරගෙනත් නොගිය පිරිස් පවා මේ ඛේදවාචකයෙන් මිය ගියා. ඒ වගේම කසල කලමණාකරණය කරන්න ගන්න ගිය හැම පියවරටම ඔවුන් බාධා කලා. අන්තිමේ ඔවුන්ටම ඒ වන්දි ගෙවන්න උනා. 
 
දැන් ගිය දේ ගියාවේ කියලා කාටවත් අහක බලන් ඉන්න නම් බැරිවෙයි. මේ කුණු කන්දෙන් පවා දේශපාලනය කරපු හා කරන දේශපාලනඥයෝ ගැන දෙවරක් හිතන්න කාලේ ඇවිත්. දුන් පොරොන්දු ඉටු කරන්න ඔවුන් කටයුතු කල යුතුයි. ඒ විතරක් නෙවේ. මේකේ වගකීම වත්මන් රජය පිට පටවන්න සමහර දේශපාලන කණ්ඩායම් දරන අවස්ථාවාදී දේශපාලනයත් පිළිකුලෙන් හෙළා දැකිය යුතුයි. මොකද ඔවුන්ගේ පාලන සමයේත් මේ කුණු කන්ද මෙහෙමම තිබුණා. ඒ වගේම මීතොටමුල්ල ප්‍රදේශවාසීන්ගේ වර්තමානයේ හැසිරීම අනුමත කරන්නත් බැහැ. ඔවුන් මුලින් කියන්නේ අපිට සහනයක් දෙන්න කවුරුත් නැහැයි කියලා. හැබැයි සහනයක් දෙන්න ගිය දේශපාලනඥයන්ට හූ කියලා එලවලා දැම්මෙත් ඔවුන්මයි. මේ සිද්ධියේදී හැමෝම එකගවෙලා විසඳුමක් ගන්නවා මිසක් අරයට මෙයාට ඇගිල්ල දිගු කිරීමෙන් පමණක් කසල කන්ද අඩුවෙන එකක් නම් නැතිවෙයි.
 
 


ශ්‍රී විෂ්ණු දෙවිඳුන් පීදිමට ඇති ස්ත්‍රොත්‍ර මන්ත්‍ර සහ ගාථා

යහපත් ලෙස ජීවත් වෙමින් මෙම ගයත්‍රී මන්ත්‍රය දිනපතා ගයනා කිරීමෙන් වැඩ කටයුතු සාර්ථක කර ගත හැකිය. විෂ්ණු ලක්ෂ්මී..

ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීම

යහපත් ජීවිතයක් ගතකරමින් ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීමෙන් විෂ්ණු දෙවියන්ගේ අශිර්වාදය ලැබී සතුට සැපත සෞභාග්‍ය උදාවෙනවා...

දෙවුන්දර දේවාලයේ ඉතිහාසය

එදා ඉඳන් අද වෙනකන් දෙවුන්දර යන නාමය රටරටවල ප්‍රසිද්ධ වීමට හේතුවුනේ දිව්‍ය රාජභවනක් වුන උත්පලවර්ණ දේවාලය බව හැමෝම..

රාම රාවණ යුගයෙන් ඇරඹුන දෙවිනුවර ඉතිහාසය..

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල පෙරහැර දිවයිනේ පැරණිතම පෙරහැර ලෙස සළකද්දි දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ලාංකීය ඉතිහාසයට එකතු වෙන්නේ..

මඟුල් පෝරුවේ රසවත් කතාව

චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔයා දන්නවද? චාරිත්‍ර කියලා කියන්නේ සිද්ධ කළ යුතු දේවල් වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේවල්. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන..

ඇඹුලයි ඇඹුලයි කියපු දෙහිවල පැණිරස කතාව..

අපේ ගෙදරක නැතුවම බැරි දෙයක් තමයි දෙහි කියලා කියන්නේ. මේ දෙහි එක්ක අපේ රටේ ජන ජීවිතය මේ තරමට බැඳුනේ කොහොමද කියලා..

මදසරුභාවය නැති කළ හෙළ යාතු කර්මය

අනාදිමත් කාලයක සිට අපේ අතීත මුතුන් මිත්තන් ස්වකිය කටයුතු කාරණා සපල කරගනුවස් එමෙන්ම සෙෘභාග්‍ය හා සශ්‍රිකත්වය උදාකරගැනීමේ..

ඉදිරි තරඟාවලිය අවධානම්

ශූරයන්ගේ කුසලාන තරඟාවලියේදී පාකිස්තානය දැක්වූ දක්ෂතා මත 2019 වසරේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online