මම කිසිම රජයකින් වරප්‍රසාද ලබාගෙන නෑ

අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, තිර රචකයෙක්,
සෝමරත්න දිසානායක.. කුඩා කාලයේ ඉදන් කවි ලියන්න, කතන්දර ලියන්න, මේ වගේ කළා නිර්මාණයන් කරන්න ගොඩක් කැමැත්ත දැක්වුවා. ඒ වගේම රඟපෑම කතිකත්වයත් ඔහුට තිබුණ හැකියාවන්. පාසලෙන් ඉවත් වෙනවත් එක්කම ඔහු විවිධ නිර්මාණයන්වලට මුල පුරනවා. ඔහුගේ ඒ ගමන ආරම්භ වෙන්නේ 2000 අවුරුද්දේ සරෝජා චිත්‍රපටය අධ්‍යක්ෂණය හා තිරරචනය හරාහා. 


ඊට පස්සේ 2002 පුංචි සුරංගනාවී-අධ්‍යක්ෂණය/තිර රචනය
2004 සූරිය අරණ - අධ්‍යක්ෂණය/තිර රචනය
2006 සමනල තටු - අධ්‍යක්ෂණය/තිර රචනය
2007 සංකාර - නිෂ්පාදනය/තිර රචනය
2008 සිරි රජ සිරි - අධ්‍යක්ෂණය/නිෂ්පාදනය/තිර රචනය
2009 බිංදු - අධ්‍යක්ෂණය/තිර රචනය
2011 කුස පබා - නිෂ්පාදනය
2012 සිරිපරකුම් - අධ්‍යක්ෂණය/නිෂ්පාදනය
2016 සරිගම - අධ්‍යක්ෂණය/නිෂ්පාදනය

attitude check වැඩසටහනට සෝමරත්න දිසානායක වැනි චරිතයක් සම්බන්ද කරගත්තොත් මිනිස්සුන්ගේ අදහස් මොන වගේ වෙයි ද? වර්තමානයේ නිර්මාණය වෙන ඔහුගේ චිත්‍රපට එක්ක රටේ මිනිස්සු ඔහුගේ attitude මොන විදියට දකී ද? ඒ නිසා සෝමරත්න දිසානායක මහත්මයාව attitude check වැඩසටහනට අපි සම්බන්ද කරගත්තා. මිනිස්සු ඔහුට කිව්වේ මෙන්න මේ වගේ දේවල්.

"නිහතමානි පුද්ගලයෙක්"
"සිංහල සිනමාවට සම්පතක්"
"අපේ රටේ පොඩි දරුවන් වෙනුවෙන් යමක් කරන පුද්ගලයෙක්"
"මොහුව අපේ රටට අවශ්‍යයි"
"හොඳ චරිතයක්"

මේ සියලු දේ එක්ක ඔහුට ලැබුන අනිත් ප්‍රතිචාර වලට පිළිතුරු ලබා ගන්න අපි සෝමරත්න දිසානායක මහත්මයාව දුරකථනය ඔස්සේ සම්බන්ද කරගත්ත අවස්ථා දෙකකදී. ඔහු ඒ දේවල් වලට පිළිතුරු දුන්නේ මේ විදියට. 

ආණ්ඩුව මාරු වෙනවත් එක්කම ඔබතුමාට ගොඩක් වරප්‍රසාද ලැබුනා. නමුත් ඔබතුමා ඒවායින් ජනතාවට සේවය කරේ නෑ කියල රටේ ජනතාව කියනවා?
"මම කිසිම රජයකින් වරප්‍රසාද ලබාගෙන නෑ. ඕව කියනකොට හේතු එක්ක කිව්වා නම් තමයි හොඳ"

ඔබතුමාගේ චිත්‍රපට එක වගේ. එකිනෙකට වෙනසක් නෑ කියල මිනිස්සු කියනවා?
"එහෙම නෑ. මගේ චිත්‍රපට හරියට බලල ඒ අයට කතා කරන්න කියන්න"

ඔබතුමා දේශපාලනය සම්බන්ධ වුන එක තමයි ඔබතුමා ජීවිතේ කරපු ලොකුම මෝඩකම කියලා මිනිස්සු කියනවා?
''මෙහෙමයි. ඒ මගේ දේශපාලන කැමැතත. මට පක්ෂයක් නෑ''

අවසානයේ ඔහුට ලැබුන ප්‍රතිපලය. 71%ක ප්‍රමාණයක් ඔහුට හොඳ ප්‍රතිචාර ලැබුනා. ඉතුරු 29%ක ප්‍රමාණය ඔහුව විවේචනය කරලා තිබුනා.


ඒක මට අහම්බෙන් ලැබුණ තෑග්ගක් - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී ඉද්දමල්ගොඩ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. වර්තමාන රංගන ශිල්පිනියන් අතරේ තමන්ගේම රංගන ප්‍රතිභාවක් නිරුපනය කරන ඇය..

කුමාරණතුංග නම මගේ ගමනට ශක්තියක් - ජීවන් කුමාරණතුංග

ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුළ බිහිවූ ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම රටේ නමක් දිනූ දේශපාලකයෙකු වෙන ජීවන් කුමාරණතුංග සමඟින්..

ලෝකේටම කියලා මඟුල් කෑවත් එකයි නොකියා මඟුල් කෑවත් එකයි - දුලීකා මාරපන

ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියන් අතර දක්ෂතම රංගන ශිල්පිනියක් වන ඇය විවිධ චරිත හමුවේ සිය රංගන ප්‍රතිභාව නිරූපණය කරනවා..

පෞර්ෂත්වය මනින්න බෑ කටහඬින් - රොමේෂ් සුගතපාල

2003 දී ගායනයට පිවිස අද දක්වා සිය ජනප්‍රියත්වය රැකගත් වෙනස්ම හඬකට උරුමකම් කියන සොඳුරු ගායන ශිල්පියා ඔහුයි...

බැරිම වුනොත් රට අත ඇරලා යනවා - මහේන්ද්‍ර පෙරේරා

1993 දී සිය රංගන දිවිය අරඹමින් ශ්‍රී ලාංකීය චිත්‍රපට, ටෙලිනාට්‍ය වගේම වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙස විවිධ චරිත නිරූපණය කරමින්...

කතා පොතක් ලියන්නේ කතුවරයාට උවමනා විදියට මිසක් ඔයාට ඕන විදියට නෙවේ

ජිවත් වෙනකොට සුදුසු පරිසරයක ජිවත් වෙන්න ඕන. නැත්තම් හිතේ සතුටින් ජිවත් වෙන්න බෑ. අපි අවට ජිවත් වෙන අය මතත් අපේ ජිවිතේ සතුට..

මම සුදු වෙන්න කිසිම එන්නතක් පාවිච්චි කරලා නෑ.. නොදන්න දේවල් කතා කරන්න එපා - නතාශා පෙරේරා

සුළඟක් වී ක්ෂේත්‍රයට ආ ඇය රංගනය, ගායනය, නිවේදනය තුලින් ජනතාව අතර කැපී පෙනෙන චරිතයක් බවට පත්වුනා. නමුත් අද වෙද්දී ඇයගේ..

නිරෝෂා විරාජිනි, ප්‍රින්ස් උදය ප්‍රියන්ත සම්බන්ධ කටකතාවට කෙලින්ම දුන්න උත්තරේ..

නිරෝෂා විරාජිනි ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පිණියක්. පහුගිය දවසක අපි අතරින් වෙන්වුන ප්‍රින්ස් උදය ප්‍රියන්ත තනිකඩව ජීවත් වුනේ ඇය නිසා..

ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම ගැන, ජීවිතේ ගැන රොෂාන් ප්‍රනාන්දු කිව්ව කතාව

ලංකාවේ ප්‍රසිද්ධ චරිත ගැන විවිධ කතා, කටකතා පැතිරෙන එක නවත්තන්න බෑ. එයාලගේ ආඩම්බරකම ගැන එයාලගේ ප්‍රේම සම්බන්ධතා ගැන කතා..

ඒ ආත්මේදිත් මම ප්‍රාර්ථනා කරන්නේ ගයාන්වම තමයි - චතුරිකා පීරිස්

2000 වසරෙන් තමන්ගේ රංගන දිවිය අරඹපු ඇය අද වනවිටත් කලා ක්ෂේත්‍රයේ නැතුවම බැරි චරිතයක්. ඒ හින්දම පුංචි තිරයේ දඟකාරිය චතුරිකා පීරිස්..

දුක්ගන්නාරාළ ලකුණ, ශ්‍රී ලාංකිකයි ගැමියි

වසන්ත දුක්ගන්නාරාළ, අපේ රටේ අනන්‍යතාවය නව පරපුරට දායාද කරන සුන්දර චරිතයක්. ඔහු විවිධ හැකියාවන්ගෙන් සපිරි වෙනස්ම ගමනක යන..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online