මම මගේ දැනුම ගැන කොහොමත් කියවනවා

රොජර් සෙනවිරත්න.. 1976 විතර කාලයේ තමයි ක්ෂේත්‍රයට එන්නේ. වේදිකාවට එන්න කලින් ඔහු වේදිකාව පිටුපස හිටපු දැවැන්ත චරිතයක්. අද වගේ නෙවෙයි එදා. "වේදිකාවට එනවා කියන එක ලේසි නෑ. ඒ කාලේ රුපියල් 15 පඩියට තමයි අපි රඟ පෑවේ. "විස්තර කතා කර කර ඉන්න අතරේ ඔහු මෙන්න මෙහෙමත් කිව්වා. වේදිකා නාට්‍ය 300කටත් වඩා වැඩි ප්‍රමාණයක්. ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තොත් ඒහා සමාන ප්‍රමාණයක්. ඒත් එක්කම චිත්‍රපට..මේ හැම අංශෙන්ම ඔහු දස්කම් දක්වන්නෙක්. ඒ වගේම තමයි ඔහු ටෙලිනාට්‍ය නිෂ්පාදක වරයෙක් විදියටත් කටයුතු කරනවා. බට්ටි, චාතුර්යා, හංසි මේ ඔහුගේ නිෂ්පාදන. රොජර් සෙනවිරත්න තවත් පැත්තකින් හොඳ සටන් කරුවෙක්. ඔහු අවුරුදු 25ක් විතර "වුෂු" ක්‍රීඩාව හදාරලා තියනවා. 
 
ලංකාවේ අනෙකුත් රංගන ශිල්පියන්ට රඟපාන්න ලැබෙන්නේ නැති චරිත කිහිපයකුත් ඔහුට ලැබුන කියල ඔහු කිව්වා. ඒ තමයි "වන බිමේ සිරකරු" කියන චිත්‍රපටයේ "එංගල්බ්‍රෙග්" වැනි චරිත. තව දෙයක් තමයි එදා ඉදන් රොජර් සෙනවිරත්න කියන්නේ දේශපාලන චරිතයක්. 
 
වර්තමානයේ මෙවැනි චරිතයක් වැඩසටහනට සම්බන්ද කරගත්තොත් මිනිස්සුන්ගේ ප්‍රතිචාර මොන වගේ වෙයි ද? ඒ නිසාම අපි attitude check වැඩසටහනේ රොජර් සෙනවිරත්නට පැය දෙකක් වෙන් කරා. මිනිස්සුන්ට රොජර් සෙනවිරත්න ගැන තියෙන්නේ මෙන්න මේ වගේ අදහසක්. 
 
"නිහතමානී කලාකරැවෙක්"
"ආඩම්බර නැති කෙනෙක් ඔහුගෙ කාර්යාලයට දවසක යන්න ඔබටම බලාගන්න පුළුවන්"
"හොදයි. දේශපාලනයට ආව නිසා හොදක් නෑ දැන්"
"රංගනය උපරිමයි"
"අපි හැමෝම දන්නා දක්ෂ නළුවෙක්" 
"ලංකාවේ ඉන්න හොඳම නළුවෙක්"
 
මේ අදහස් අතරේ ඔහුට වෙනස් විදියේ ප්‍රතිචාර කිහිපෙකුත් ලැබුනා. මේ සියලු දේ කතා බහ කරන්න වැඩසටහන ඇතුලත දෙවතාවක් රොජර් සෙනවිරත්න මහත්මයාව සම්බන්ද කරගත්තා. ඔහු පිළිතුරු දුන්නේ මෙන්න මේ විදියට. 
 
රොජර් ගැන කවුරු මොන විදියට කිව්වත් එයා දේශපාලනයට සම්බන්දයි. තමන්ගේ පාඩුවේ රංගන කටයුතු කරගෙන හිටියනම් ඉවරයි නේ. මෙන්න මෙහෙම කියනවා මිනිස්සු?
"මම අද ඊයේ නෙවෙයිනේ දේශපාලනයට සම්බන්ද වුනේ. මට ඒ ගැන මිනුස්සුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා."
 
කියවන්න ගියාම තමන්ගේ පන්දිතකම් සෑහෙන්න කියවනවා නේද කියල කිහිප දෙනෙක් ඇහුවා?
"මට දැනුම තියනවා ඒ නිසා මම. මම ගැන කියවනවා. ඒක ඒ තරම් දෙයක් නෙවෙයි."
 
දැන් අලුත් පිරිසක් ඉන්නවා රංගන ක්ෂේත්‍රයේ. ඒ අලුත් පිරිස නිසා දැන් රොජර් සෙනවිරත්න පස්සට ගිහින් නේද කියල පිරිසක් ඇහුවා?
 "නෑ.. කීයටවත් නෑ අට තාමත් වෙනද වගේම ආරාධනා ලැබෙනවා. මට ඒ දේවල් කරගන්න වෙලාවක් නැතුව මම ඉන්නේ."
 
මේ සියලු ප්‍රතිචාර අතරේ රොජර් සෙනවිරත්නට 72%ක් හොඳ ප්‍රතිචාර ලැබුනා. ඉතුරු ප්‍රතිචාර 28% ක ප්‍රමාණය ඔහුව විවේචනය කරලා තිබුනා. 


මාසේ අන්තිමේ දහසකුත් දෙනාට මම පඩි ගෙවනවා. ඒ මිනිස්සු මට ඇවිල්ල එයාලගේ දුක කියනවා.

දශකයකට වැඩි කලක ඉඳලා දේශපාලනය ගැන අත්දැකීම් ඇති පුද්ගලයෙක් තමයි තිලංග සුමතිපාල කියන්නේ. ඔහු වර්තමානයේ අපේ රටේ ක්ෂේත්‍ර..

මම තමයි ලංකාවේ මුලින්ම අඬන trend එකක් ඇති කරේ..

අපි කවුරුත් දන්නා කළාකරුවෙක් තමයි ජැක්සන් ඇන්තනි කියන්නේ. දරුවන් තිදෙනෙකුගෙන් යුත් මේ පවුලේ සියලු දෙනාම කලාකරුවෝ..

විවාහ වෙන්න කලින් තියෙන නඩු ටික විසඳ ගන්න ඕනේ.. නාමල් කියන කතාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පුත්‍රයා නාමල් රාජපක්ෂ.. මොහු තීඥවරයෙක්.

තිසුරි සම්මාන විතරක් බලාගෙන රඟපාන කෙනෙක් ද?

මවගෙන් ලැබුන ඒ පන්නරයත් එක්ක තිසුරි යුවනිකා රංගනයට අවතීර්ණ වෙනවා. ඇයගේ මව සුසන්තා චන්ද්‍රමාලි මහත්මියයි..

පවිත්‍රා වන්නිආරච්චිට එකතු වෙලා වැඩ කරන්න ආණ්ඩු පක්ෂයෙන් ඉඩක් නැද්ද?

වෘත්තියෙන් නීතිඥවරියක වන පවිත්‍රා දේවී වන්නිආරච්චි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ නිතර කැපී පෙනෙන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන..

මට වැඩ පෙන්වන්න අවස්ථාවක් ලැබුනේ නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතීතයේ සිට ගත් විට බිහි වූ හොඳම පන්දු රකින්නෙක් ගැන කතා කරොත් අපේ මතකයට නැගෙන ක්‍රීඩකයෙක් ඉන්නවා..

චම්පික රණවක ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙයිද?

අමාත්‍ය පාඨලී චම්පික රණවක.., මොහු දේශපාලන චරිතයක් විතරක් නෙවෙයි. හොඳ ලේඛකයෙක්. උපත ලබන්නේ 1965.08.04 බුලත්සින්හලදී..

ප්‍රියංකර පෙරේරා, චලක චමුපතිට රිදෙන්න කිව්ව කතාව..

ප්‍රියංකර පෙරේරා.. ගායකයෙක් ද? නළුවෙක් ද? මිල්ටන් පෙරේරාගේ ආදරණීය පුත්‍රයෙක්. තම පියාගේ උරුමයෙන් ලැබුන සහජ හැකියාව ඔස්සේ..

මගේ කැමැත්තට හැමදේම වෙනවා නම් මට පුළුවන් හැමදේම වෙනස් කරන්න

දේවිකා මිහිරාණි.. ලංකාවේ මුල්ම ටෙලිනාට්‍ය නිළිය කලාවට සම්බන්ද වුනේ තමන්ගේ සැමියා ඒ කියන්නේ විජය නන්දසිරි මහත්මය නිසා..

දැනටත් මට එක්සත් ජාතික පක්ෂයෙන් අරාධනා ලැබෙනවා

1948 මැයි මස 8 වෙනිදා උපත ලැබූ ගාමිණි ලොකුගේ මහත්මයා අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයේ. අධ්‍යාපනය ලැබීමෙන්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online