මම තරුණ පරපුර විවේචනය කරනවා කියලා කියනවා නම් ඒක පාපයක්

තාත්තා වේදිකා නාට්‍ය නළුවෙක් වුනාට පුතා කැමැත්තක් දැක්වුවේ ගායනයට..
ධනපාල උඩවත්ත.. ළමා කාලේ ඉදන් ගායනයට මනා හැකියාවක් තිබුන කෙනෙක්. එදා මොහු ගොඩක්ම ආස කරලා තියෙන්නේ රුක්මනී දේවීගේ සින්දු වලට. පාසල් කාලේ ගම්බද ගී ගායනා තරග වලට සහභාගී වෙලා ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කවි ගායන තරග. මෙන්න මේ වගේ සෑහෙන දක්ෂතාවයක් තිබුන ඔහුට පොඩි කාලේ ඉදලම. 

1968 තමයි ධනපාල මහත්මයාගේ මුල්ම සින්දුව එළිදක්වන්නේ. ඒ "කියයි මිහිරිකතා" සින්දුව ඊට පස්සේ "ඈ නීල වරල පීරලා" සින්දුව. 

රටේ මොනවා හරි සිද්දියක් වුනොත් ඒ සිද්දියට සම්බන්ද සින්දුවක් නිර්මාණය කරන එක ධනපාල උඩවත්තගේ එදා සිරිතක් වුනා. ඒ ගැන බොහෝ දෙනෙක් දන්නවා. තව දෙයක් ලංකාවේ දිගම සින්දුව නිර්මානය කරලා තියෙන්නෙත් ධනපාල උඩවත්ත මහත්මයා. ඒ තමයි "සිංහල සිනමාවේ චිත්‍රපට නම් ඇතුලත් සිනමා වංශකතාව" කියන සින්දුව. ඒත් එක්කම සිංහල චිත්‍රපට රැසකට සංගීතයෙන් ඔහු ගායනයෙන් වෙලා තියනවා. මෙවැනි චරිතයක් attitude check වැඩසටහනට සම්බන්ද කරගත්තොත් මිනිස්සුන්ට මොන වගේ අදහසක් තියෙයිද? ඔහුගේ රසිකයෝ මොන විදියේ අදහසක් දක්වයි ද? ඒ දේවල් ගැන විමසන්න අපි වැඩසටහනට ඔහුව සම්බන්ද කරගත්තා.

වර්තමාන පරපුර විවේචනය කරන චරිතයක් තමයි ධනපාල උඩවත්ත කියන්නේ කියලා මිනිස්සු කියනවා?
"ප්‍රසංග වේදිකාවට ගියාම අලුත් ගායකගායිකාවෝ මාත් එක්ක හොඳ සුහදව ඉන්නවා. මම කවදාවත් ඒ අයව විවේචනය කරලා නෑ."

අලුත් නිර්මාණ දැන් එන්නේ නෑ නේද ධනපාලගේ දැන් ඇයි ඒ? රසිකයෝ එහෙම අහනවා?
"මම ඉතින් වේදිකාවෙන් ඉදිරියටම ගිහින් ඉන්නේ දැනුත්. මගේ සින්දු මොනවා හරි ඕනේ නම් කාටහරි මම දෙනවා."

ඉස්සරනම් ප්‍රසංගයකට ධනපාල උඩවත්ත මහත්මයා ඉල්ලන්නේ හරි සාධාරණ මුදලක්. ඒත් දැන් එහෙම සාධාරණයක් නෑනේ කියලා තමයි මිනිස්සු කියන්නේ?
"මම ඉන්නේ මොරටුවේ. මට වාහනේට ලොකු වියදමක් යනවා. වියදම් වැඩීනේ දැන් කොහොමත්"

ධනපාල උඩවත්ත කියන්නේ හරිම කලබලකාරී චරිතයක් නේද කියලා රසිකයෝ අහනවා?
"ඒ මගේ හැටි. මම කතා කරනකොට හිතන්නේ හැමෝම මම කලබලයි කියලා."

මේ දේවල් එක්ක ධනපාල උඩවත්ත මහත්මයට ලැබුන අවසාන ප්‍රතිපලය. 75% ක් හොඳ ප්‍රතිචාර තිබුනා. ඉතුරු 25%ක ප්‍රමාණය ඔහුව විවේචනය කරලා තිබුනා. 


ඒක මට අහම්බෙන් ලැබුණ තෑග්ගක් - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී ඉද්දමල්ගොඩ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. වර්තමාන රංගන ශිල්පිනියන් අතරේ තමන්ගේම රංගන ප්‍රතිභාවක් නිරුපනය කරන ඇය..

කුමාරණතුංග නම මගේ ගමනට ශක්තියක් - ජීවන් කුමාරණතුංග

ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුළ බිහිවූ ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම රටේ නමක් දිනූ දේශපාලකයෙකු වෙන ජීවන් කුමාරණතුංග සමඟින්..

ලෝකේටම කියලා මඟුල් කෑවත් එකයි නොකියා මඟුල් කෑවත් එකයි - දුලීකා මාරපන

ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියන් අතර දක්ෂතම රංගන ශිල්පිනියක් වන ඇය විවිධ චරිත හමුවේ සිය රංගන ප්‍රතිභාව නිරූපණය කරනවා..

පෞර්ෂත්වය මනින්න බෑ කටහඬින් - රොමේෂ් සුගතපාල

2003 දී ගායනයට පිවිස අද දක්වා සිය ජනප්‍රියත්වය රැකගත් වෙනස්ම හඬකට උරුමකම් කියන සොඳුරු ගායන ශිල්පියා ඔහුයි...

බැරිම වුනොත් රට අත ඇරලා යනවා - මහේන්ද්‍ර පෙරේරා

1993 දී සිය රංගන දිවිය අරඹමින් ශ්‍රී ලාංකීය චිත්‍රපට, ටෙලිනාට්‍ය වගේම වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙස විවිධ චරිත නිරූපණය කරමින්...

කතා පොතක් ලියන්නේ කතුවරයාට උවමනා විදියට මිසක් ඔයාට ඕන විදියට නෙවේ

ජිවත් වෙනකොට සුදුසු පරිසරයක ජිවත් වෙන්න ඕන. නැත්තම් හිතේ සතුටින් ජිවත් වෙන්න බෑ. අපි අවට ජිවත් වෙන අය මතත් අපේ ජිවිතේ සතුට..

මම සුදු වෙන්න කිසිම එන්නතක් පාවිච්චි කරලා නෑ.. නොදන්න දේවල් කතා කරන්න එපා - නතාශා පෙරේරා

සුළඟක් වී ක්ෂේත්‍රයට ආ ඇය රංගනය, ගායනය, නිවේදනය තුලින් ජනතාව අතර කැපී පෙනෙන චරිතයක් බවට පත්වුනා. නමුත් අද වෙද්දී ඇයගේ..

නිරෝෂා විරාජිනි, ප්‍රින්ස් උදය ප්‍රියන්ත සම්බන්ධ කටකතාවට කෙලින්ම දුන්න උත්තරේ..

නිරෝෂා විරාජිනි ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පිණියක්. පහුගිය දවසක අපි අතරින් වෙන්වුන ප්‍රින්ස් උදය ප්‍රියන්ත තනිකඩව ජීවත් වුනේ ඇය නිසා..

ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම ගැන, ජීවිතේ ගැන රොෂාන් ප්‍රනාන්දු කිව්ව කතාව

ලංකාවේ ප්‍රසිද්ධ චරිත ගැන විවිධ කතා, කටකතා පැතිරෙන එක නවත්තන්න බෑ. එයාලගේ ආඩම්බරකම ගැන එයාලගේ ප්‍රේම සම්බන්ධතා ගැන කතා..

ඒ ආත්මේදිත් මම ප්‍රාර්ථනා කරන්නේ ගයාන්වම තමයි - චතුරිකා පීරිස්

2000 වසරෙන් තමන්ගේ රංගන දිවිය අරඹපු ඇය අද වනවිටත් කලා ක්ෂේත්‍රයේ නැතුවම බැරි චරිතයක්. ඒ හින්දම පුංචි තිරයේ දඟකාරිය චතුරිකා පීරිස්..

දුක්ගන්නාරාළ ලකුණ, ශ්‍රී ලාංකිකයි ගැමියි

වසන්ත දුක්ගන්නාරාළ, අපේ රටේ අනන්‍යතාවය නව පරපුරට දායාද කරන සුන්දර චරිතයක්. ඔහු විවිධ හැකියාවන්ගෙන් සපිරි වෙනස්ම ගමනක යන..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online