මට තැනක් ගන්න ඕනේ නෑ. මට පුළුවන් දෙයක් මම කරනවා.

රයිගම කෝරලයේ හොරණ ගමේ උපත ලැබූ රෝහණ බැද්දගේ මහත්මයා හැදුනේ වැඩුනේ ගමේ. ගැමි පරිසරයක, ගැමියන් එක්ක, අපේ කම, අපේ හඬ ඔහුගේ ගායනයෙන් ද නිරුපනය වනවා. ඒ ඔහුගේ "ඉරට හඬන මල්" හි අප්පච්චිගේ චරිතය සැබෑම ගැමිකම පෙන්වනවා. තමන්ගේ ජීවිතයේ තුනෙන් දෙකකටත් වැඩි ප්‍රමාණයක් ඔහු ජීවිතේ ගෙවා තිබෙන්නේ කලා කටයුතුත් සමඟ. 

පවුලේ ආභාෂයක් නැතිව කලාව සඳහා කැමැත්තක් දක්වපු චරිතයක් තමයි රෝහණ බැද්දගේ කියන්නේ. ඔහු ඔහුගේ වෘත්තීය ආරම්භ කරන්නේ නර්තන ගුරුවරයෙකු විදියට. ඉන් පස්සේ ඔහු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරනවා. ගීත රචකයෙක් විදියට, රංගන ශිල්පියෙක්, සංගීතවේදියෙක්, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, ග්‍රන්ථ කතුවරයෙක්, ආදී වශයෙන්.

1982 රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා."මගේ සුදු බෑණන්දිට බුද්ධං සරණේ සරණයි. "රෝහණ-බන්දුල මෙන්න මේ දේපල හරි හරියට ගැලපුනා එදා. මේ හැමදේකටම ප්‍රතිපලයක් විදියට "මාමයි බෑණයි"ප්‍රසංගය ලොව වටා දර්ශන 500කටත් වැඩි ප්‍රමාණයක් පැවැත්වුනා. ඒ සඳහා විශාල වශයෙන් රසික ප්‍රතිචාර ලැබුනා.

මෙවැනි චරිතයක් attitude check වැඩසටහනට සම්බන්ධ කරගත්තොත් කොහොම මොන විදියේ ප්‍රතිචාර ලැබෙයි ද? මිනිස්සුන්ගේ කැමැත්ත මොන වගේ වෙයි ද? අපි attitude check වැඩසටහනට රෝහණ බැද්දගේ මහත්මයාව සම්බන්ද කරගත්තා. ඔහුගේ රසිකයෝ ඔහුට අදහස් දැක්වුවේ මෙන්න මේ විදියට. 

ඔබතුමාගේ ගැමි කමට පැරණි මිනිස්සු කැමතියි. නමුත් තරුණ පිරිස ඒක පිළිගන්නේ නෑ කියලා මිනිස්සු කියනවා?
"ඒක කරන්න දෙයක් නෑ. තරුණ පිරිස ඉතින් කැමති නැතුව ඇති. එදාට වඩා අද වෙනස්."

ඔබතුමන්ලාගේ මේ නිර්මාණ වලට ඒ තරම් තැනක් නෑ කියලා මිනිස්සු කියනවා?
"මට තැනක් ගන්න ඕනේ නෑ. මට පුළුවන් දෙයක් මම කරනවා."

ඔබතුමන්ලාගේ සින්දු මාධ්‍ය වලින් ප්‍රචාරය වෙන්නේ නැත්තේ ඇයි කියලා මිනිස්සු අහනවා?
"ඒක ඉතින් මට අදාළ නෑ. ඒක දන්නේ මාධ්‍ය. මට කරන්න දෙයක් නෑ ඒකට."

බිහිවෙන සමහර නිර්මාණ ගැන අපේ රටට ගැලපෙන්නේ නෑ කියලා තමයි මිනිස්සු කියන්නේ. ඒවාට ඔබතුමන්ලට ක්‍රියාමාර්ග ගන්න බැරි ද කියලා අහනවා?
"නෑ නේ ඉතින්. ඒවා පිරිසකට හොඳ නැති වුනාට තවත් පිරිසකට හොඳයි කියලානේ කියන්නේ."

රෝහණ බැද්දගේ මහත්මයට ලැබුන අවසාන ප්‍රතිපලය තමයි, 86% ක ප්‍රමාණයක් ඔහුට හොඳ ප්‍රතිචාර ලැබුනා. ඉතුරු 14%ක ප්‍රමාණය ඔහුව විවේචනය කරලා තිබුනා.


මාසේ අන්තිමේ දහසකුත් දෙනාට මම පඩි ගෙවනවා. ඒ මිනිස්සු මට ඇවිල්ල එයාලගේ දුක කියනවා.

දශකයකට වැඩි කලක ඉඳලා දේශපාලනය ගැන අත්දැකීම් ඇති පුද්ගලයෙක් තමයි තිලංග සුමතිපාල කියන්නේ. ඔහු වර්තමානයේ අපේ රටේ ක්ෂේත්‍ර..

මම තමයි ලංකාවේ මුලින්ම අඬන trend එකක් ඇති කරේ..

අපි කවුරුත් දන්නා කළාකරුවෙක් තමයි ජැක්සන් ඇන්තනි කියන්නේ. දරුවන් තිදෙනෙකුගෙන් යුත් මේ පවුලේ සියලු දෙනාම කලාකරුවෝ..

විවාහ වෙන්න කලින් තියෙන නඩු ටික විසඳ ගන්න ඕනේ.. නාමල් කියන කතාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පුත්‍රයා නාමල් රාජපක්ෂ.. මොහු තීඥවරයෙක්.

තිසුරි සම්මාන විතරක් බලාගෙන රඟපාන කෙනෙක් ද?

මවගෙන් ලැබුන ඒ පන්නරයත් එක්ක තිසුරි යුවනිකා රංගනයට අවතීර්ණ වෙනවා. ඇයගේ මව සුසන්තා චන්ද්‍රමාලි මහත්මියයි..

පවිත්‍රා වන්නිආරච්චිට එකතු වෙලා වැඩ කරන්න ආණ්ඩු පක්ෂයෙන් ඉඩක් නැද්ද?

වෘත්තියෙන් නීතිඥවරියක වන පවිත්‍රා දේවී වන්නිආරච්චි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ නිතර කැපී පෙනෙන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන..

මට වැඩ පෙන්වන්න අවස්ථාවක් ලැබුනේ නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතීතයේ සිට ගත් විට බිහි වූ හොඳම පන්දු රකින්නෙක් ගැන කතා කරොත් අපේ මතකයට නැගෙන ක්‍රීඩකයෙක් ඉන්නවා..

චම්පික රණවක ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙයිද?

අමාත්‍ය පාඨලී චම්පික රණවක.., මොහු දේශපාලන චරිතයක් විතරක් නෙවෙයි. හොඳ ලේඛකයෙක්. උපත ලබන්නේ 1965.08.04 බුලත්සින්හලදී..

ප්‍රියංකර පෙරේරා, චලක චමුපතිට රිදෙන්න කිව්ව කතාව..

ප්‍රියංකර පෙරේරා.. ගායකයෙක් ද? නළුවෙක් ද? මිල්ටන් පෙරේරාගේ ආදරණීය පුත්‍රයෙක්. තම පියාගේ උරුමයෙන් ලැබුන සහජ හැකියාව ඔස්සේ..

මගේ කැමැත්තට හැමදේම වෙනවා නම් මට පුළුවන් හැමදේම වෙනස් කරන්න

දේවිකා මිහිරාණි.. ලංකාවේ මුල්ම ටෙලිනාට්‍ය නිළිය කලාවට සම්බන්ද වුනේ තමන්ගේ සැමියා ඒ කියන්නේ විජය නන්දසිරි මහත්මය නිසා..

දැනටත් මට එක්සත් ජාතික පක්ෂයෙන් අරාධනා ලැබෙනවා

1948 මැයි මස 8 වෙනිදා උපත ලැබූ ගාමිණි ලොකුගේ මහත්මයා අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයේ. අධ්‍යාපනය ලැබීමෙන්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online