පමණට වඩා දගලන්නේ ඇයි?

ජිවිතේ අපි ලොකු race එකක්. ඒ race ඇතුලේ අපි රැයක් දවාලක් නොබලා හතිදාගෙන දුවනවා, සමහර වෙලාවට දුවලා දුවලා හති වැටිලා බිම ඇදගෙන වැටෙනවා. ඇග වගේම හිත තුවාල වුනත් ආපහු නැගිටලා දුවන්න වෙනවා. මොකද නැත්තන් අපිව පාගලා ගොඩක් දෙනෙක් දුවලා ඉවරයි. තරගය කියන්නේ එච්චර හොද දෙයක් නොවුනත් අපිට පවතින තත්වයට හුරුවෙන්න වෙනවා. නොමැතිනම් වෙන්නේ අපිට පරාජය වෙන්න.
 
තරගය කොහොම වැඩි වුනත් පීඩනය කොච්චර වැඩි වුනත් එය කළමනාකරණය කරගත යුතුයි. කළමනාකරණය කියන්නේ කලයුතු දෙය කලයුතු ආකාරයට කරන එක. ඕනෑම දෙයක් කරන්න පහසු සහ ඉක්මන් ක්‍රමයක් තියනවා. කළමනාකරණයතුල කියනවා මෙහෙම කාරණයක් "Do best the think in best the best way" කරන්න ඕන හොදම දෙය හොදම ක්‍රමයට කරන්න කියන එක තමයි එහි අදහස. අද අපි ඒ ගැන කතාකරමු. 
 
මේ දවස්වල උසස් පෙළ විභාගයට ගොඩක් දෙනෙක් මහන්සිවෙනවා ඒ නිසා මේ ලිපිය ඒ ගොඩක් වැදගත්වේ. විභාගය ලන්වුනු ගමන් බොහෝ දෙනා කලබලවෙනවා. කලබලවෙලා වෙනදාටත් වඩා ආයාසයක් දාල වැඩකරනවා, වැඩි පැය ගණනක් නිදි නොමරා වැඩකරන්න උත්සාහ කරනවා. නමුත් වැඩි දෙනෙක්ගේ මැසිවිල්ල වෙන්නේ ප්‍රථිපල සාර්ථක නෑ කියන එක. ඇත්තටම මොකද ප්‍රථිපල නැත්තේ? කිසිම දෙයකට ඕනෑවට වඩා ආයාසයක් දරනකොට නොදැනීම අපි හෙම්බත් වෙනවා. එතකොට නියම ප්‍රථිපලය ගන්න අපිට බැහැ. පොඩ්ඩක් හිතන්න තරගයකට සුදානම් වන ක්‍රීඩකයෙකු උදේ ඉදල හවස් වෙනකන් පුහුණුවෙනවා, කිසිම විවේකයක් ලබන්නේ නෑ. ඔහුට තරගය දිනන්න පුළුවන් වේවිද? දැඩි වෙහෙස තරගකරුවගේ නිවැරදි දක්ෂතාව එලියට ගෙන්න ලොකු බාධාවක් වෙනවා. ඕනෑම කෙනෙක්ට විවේකය කියන කාරණය අත්‍යාවශ්‍ය දෙයක්. නැතිනම් වැඩකිරීමට සුදුසු නිවැරදි කායික මානසික තත්වයක් ගොඩනගා ගැනීම අපහසු වෙනවා. කය වෙහෙසෙනවිට නොදැනීම මනස දුර්වල වෙනවා එවිට පාඩම් කරන කෙනෙකුට වගේනම් කිසිම දෙයක් හරියට කරන්න බැහැ. ඉස්සර ගොඩක් දෙනෙක් කියනවා Hard working වලට හුරුවෙන්න කියලා, නමුත් වර්තමානයේ අගය කරන්නේ smart working.
 
smart working කියන්නේ සියල්ල ලොකු ආයාසයකින් තොරව සැහැල්ලුවෙන් වැඩ කිරීම. එවිට කය වගේම මනසත් බොහොම නිරවුල්. නිරවුල් මනසක් පාඩම් කිරීමට ගොඩක් ඉවහල් වෙනවා. සාමාන්‍යයෙන් විභාගයක් වගේ මහන්සිවෙන කෙනෙක්නම් ඔයා මුල් කාලේ ටිකක් වැඩිපුර වැඩ නෑ. නමත් විභාගයට ලංවෙන්න ලංවෙන්න ඔයා සැහැල්ලු විදියට වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. මඩේ එරිල ඉන්න මිනිහා ගොඩට එන්න දගලන්න දගලන්න වෙන්නේ තවත් එරෙන එක. ඒ නිසා විභාගය ඇත ලගනම් බොහොම විවේකිව ඔයාට කරන්න තියන වැඩ ටික විශ්ලේෂණය කරන්න. ඉතිරි කාලය එක්ක කරන්න තියන වැඩ ටික ක්‍රමානුකුලව ගලපවා ගන්න. ඒ කාරණය ඔයාට අද වුනත් කරන්න පුළුවන්. මොකද අද හොදම දවස 
 
මම හැමදාම ඔයාගේ දුකට සැපට ඔයත් එක්ක ඉන්න මිහිත චතුරංග


අමතක වෙනවට හොඳ පාඩමක්

අමතක වෙන ඒක අපි කාටත් වෙන්න පුළුවන් දෙයක්. අමතක වෙනවා කියන ඒක හැබැයි වැඩිපුර බලපාන්නේ අපේ ඉගෙන ගන්න අයට. එකේ..

අවවාදය නෙවේ ආදර්ශය තමයි වැදගත්

“අවවාදයට වඩා ආදර්ශය උතුම්” මේ ගොඩක් පැරණි කියමනක් කොච්චර පරණ වුනත් මේ කියමන අදටත් වලංගුයි. ගොඩක් දෙනෙක් උත්සාහ..

උදව් බලාගෙන තව කෙනෙක්ට උදව් කරන්න එපා

අපි එදිනෙදා ජිවත්වෙනකොට අපි ගොඩක් මිනිස්සු ආශ්‍රය කරනවා. ඉන්දියාවේ හිටපු ජනාධිපති වරයකු හා මහාචාර්‍ය වරයකු වෙච්ච අබ්දුල් කලාම්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online