පොඩි අයට උගන්වන්න මෙන්න මෙහෙම

''ළමයින්ට උගන්නන්න එපාවෙනවා'' ගොඩක් අම්මල නිතර කියන කතාවක් මේක. හැමවෙලාවෙම අම්මලා එකතු වුනාම කතාකරන්නේ තමන්ගේ ළමයි ගැන නිතරම. පුංචි දරුවන්ට කවන පොවන එක වගේම එයාලට වුගන්වන්න පොතේ පතේ වැඩ කරන්න අම්මලා දගලන තරම ඉතින් අපි අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද? කොච්චර දැගලුවත් හරියටම ඒ කාරණය කරගන්න බැරි වුන අම්මලා වෙනුවෙන් තමයි මේ ලිපිය ලියන්නේ.
 
බහුතර දෙමාපියන් උත්සාහ කරන්නේ තරවටුවෙන් හරි තමන්ගේ ළමයට වුගන්වන්න. නමුත් පොඩ්ඩක් හිතන්නකෝ ඔබවත් කැමති නෑ නේද අකමැත්තෙන් කිසිම දෙයක් කරන්න. අපි කෑමක් කන්නවත් පුලුවන්ද කන්න කැමැත්තක් නැත්තම්? බැහැ නේද? ඉතින් අකමැත්තෙන් ආහාරයට ගත්ත කියමුකෝ, ඊට පස්සේ ඔබ ඉන්නේ හරි අපහුසුවෙන් නේද? ඔය වගේම තමයි දරුවනුත් අකමැත්තෙන් යමක් කලොත් එය කිසිම තේරුමක් නැති දෙයක් වෙනවා. දරුවා ඒක කරන්නේ කිසිම ආසාවක් නැතුව, එතකොට පාඩම කරනවා වගේ දෙයක් හරිහැටි පත්තියන් වෙන්නේ නැහැ. ඒ නිසා තරවටු කරලා පොඩි අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව දැන් අත අරින්න. 
 
දැන් කොහොමද පොඩි අය ලවා හරියට වැඩ කරවා ගන්නේ. දරුවෝ හරි කැමතියි දරුවා එක්ක අම්ම වැඩ කරනවට. පොඩ්ඩක් හිතන්න පොඩිකාලේ දරුවා ඇවිදින්න හදන කාලේ ඔයා මොකද කලේ. දරුවා වැටෙන එක වලක්වන්න ඔයා දරුවාගේ ඇගිල්ල අල්ලාගෙන දරුවාව අවිද්දුවා ඔයාට මතකද? ඒ ක්‍රමවේදය  මෙතනදීත් ඔයා පාවිච්චි කරන. දරුවා ආස කරන විදියට පාඩම් වැඩ කරවන්න. දරුවා කැමති දෙයක් කරන්න ඔයත් සහභාගී වෙන්න කැමතියි හැබැයි මුලින් පාඩම් කරන්න නැත්තම් මෙන්න මේ වැඩේ කරන්න ඕන කියලා ඔබත් දරුවා එක්ක වැඩ කරන්න පටන් ගන්න. එහෙම වැඩ කරද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. දරුවා එක්ක ඇවිදින විට ඔබ ඔබේ සාමාන්‍ය වේගයෙන් ඇවිද්දොත් දරුවට වෙන්නේ හති දාගෙන ඔබ පසෙන් දුවන්න. ටික වෙලාවක් දිවුවට පස්සේ දරුවට හොදටම හති වැටිලා ගමන නතර කරයි. දරුවෝ එක්ක වැඩ කරද්දී එයාලගේ තාලෙට වැඩ කරන්න උත්සාහ කරන්න. හරියට දරුවා එක්ක ඇවිදින්න යනකොට අපි දරුවාගේ පියවර වලින් අපි ඇවිදිනවා වගේ. උත්සාහ කරලා බලන්න, දරුවෝ ඔබත් එක්ක ඉක්මනට වැඩ කරන්න පුරුදු වේවි. වැඩ පටන් ගන්නවානම් අද වුනත් හොදයි. මොකද අද හොඳම දවස 
 
මම හැමදාම ඔයාගේ දුකට සැපට ඉන්න මිහිත චතුරංග


විශ්වාසය කඩකරගන්න එපා

විශ්වාසා පරමා ඥාති බුදුන්වහන්සේ කියන්නේ එහෙමයි. විශ්වාසය තමයි හොදම නෑදෑය කියන ඒක තමයි ඒකෙ තේරුම..

පොඩි අයට උගන්වන්න මෙන්න මෙහෙම

පුංචි දරුවන්ට කවන පොවන එක වගේම එයාලට වුගන්වන්න පොතේ පතේ වැඩ කරන්න අම්මලා දගලන තරම ඉතින් අපි..

තරු පොඩියට පෙනුනට ඇත්තටම තරු පොඩි නෑ

ඉගෙන ගන්න එක ගොඩක් ආසාවෙන් කරන තරමට තමයි ඒක හරියට පත්තියන් වෙන්නේ. ඇත්තටම කෑමක් කෑවත් ඒක ඇගට අල්ලන්නේ එය..

වැරදි කිරීම මනුෂ්‍ය ගතියක්, සමාව දීම දේව ගතියක්.

මිනිසා කියන්නේ ගොඩක් සමාජ ශීලි සත්වයෙක්. ඒ නිසාම ආදරය කරුණාව, දයාව වගේ තැන මිනිසා කියන සත්වය නතර වෙන්න දක්වන්නේ..

දිවිය හැරගිය ඔයාගේ ජිවිතේ වටිනා කියන අයට නියම වටිනාකම දෙන්න

ජිවිතේ නිතරම සුව පහසු තැනක් නෙවේ. උස්පහත් වීම් හැලහැප්පීම් ජිවිතේ හැමතැනම වෙනවා. ඒ වගේම සතුටත් ජිවිතේ තියනවා..

ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ.

අපි ඔක්කොම ලොකු තරඟයක ඉන්නේ කියලා මම හැමදාම කියනවා. ඉතින් ඒ තරගේ ජයගන්න නම් අපි ලොකු කැපකිරීමක් කරන්න ඕන..

පමණට වඩා දගලන්නේ ඇයි?

ජිවිතේ අපි ලොකු race එකක්. ඒ race ඇතුලේ අපි රැයක් දවාලක් නොබලා හතිදාගෙන දුවනවා, සමහර වෙලාවට දුවලා දුවලා හති වැටිලා බිම..

අඹ කපනකොට අත කැපුනා කියලා කිසිම දවසක අඹ නොකප ඉන්න එපා.

අපි ඉපදුන දවසේ ඉදල දවසේ ඉදල හැමදාම ඉගන ගන්නවා. මැරෙනකන් කරන්නේ ඉගන ගන්න එක. පුංචි කාලේ ඉදල කරන්නේ ඉගෙන ගන්න..

හීන දැක්කට මදි, හීන පස්සේ එලවන්න ඕන

හීන සමහරු විශ්වාස කරනවා. තවත් සමහරු එච්චර හීන විශ්වාස කරන්නේ නෑ. කොහිමින් කොහොම හරි මම හිතන්නේ අපි හිනා ඕන. හීන තමයි..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online