පොත් එක්ක පොත්ගුල්ලෝ ඉන්න පොත්ගුල් ගැන..

කියවනවා කියවනවා ඉවරයක් නෑ. එහෙම කියවන මිනිස්සුන්ගේ ගත යුත්තක් නෑ. හැබැයි අහලා තියෙන කතාවක් තියෙනවා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඒ කියවීමයි මේ කියවීමයි දෙකක් එකම වචනේ උනත් තේරුම් දෙකක් තියෙනවා. ඒ වගේම තමයි එකම මනුස්සයගේ උනත් චරිත දෙකක් තියෙන්න පුළුවන්. ඒකයි අපිට මිනිස්සුන්ව තේරුම් ගන්න බැරි. මිනිස්සු පොත් කියවන්න පුරුදු වුනේ අදක ඊයෙක නෙමෙයි. පොත්වල තියෙන වටිනාකම මිනිස්සු තේරුම් ගත්තෙත් අදක ඊයෙක නෙමෙයි. මැටි පොත්වල ඉඳලා අද පාවිච්චි වෙන e book එක වෙනකන් පොතේ තාක්ෂණය දියුණු වෙද්දි පොත් එකට එකතු කරලා හදපු පුස්තකාලයේ විකාශනය කොයිවිදියට ද සිද්ධ වුනේ කියලා අපි දන්නේ හරි අඩුවෙන්. පුස්තකාල ගැන පොඩි පොඩි කතා ටිකක් ඔයාට කියන්න හොයාගෙන ආවා.

අද අපි පුස්තකාලේ කියලා කිව්වට ඉස්සර අපේ පැරැන්නො මේකට කිව්වේ පොත්ගුල කියලා. සාමන්‍යයෙන් පොත්ගුලක් තිබිලා තියෙන්නේ පන්සලක. හැබැයි හැමපන්සලකම පොත්ගුලක් තිබිලා නෑ. පොත්ගුලක් තිබුණ පන්සල් වලට තමයි අදටත් අපි පොත්ගුල් විහාරය කියලා කියන්නේ. ඉස්සරම අපිට කඩදාසි තිබුනේ නෑනේ. ඉතින් ඒ වෙනුවට කරුණු කාරනා ලියවෙච්ච පොත් විදියට අපේ පැරැන්නො පාවිච්චි කලේ පුස්කොල පොත්. තල්කොළ තම්බලා වේලලා, පන්හිඳ කියලා අඳුන්වන උල් කටුවෙන් ඒ තල්පත් වල ලියලා කළු මැදලා එහෙම තමයි මේ පුස්කොල පොත් හදලා තියෙන්නේ. අද පුස්තකාල වල පොත් තියෙනවා වගේ. එදා පොත් ගුල් වල තිබිලා තියෙන්නේ මේ විදියට හදා ගත්ත පුස්කොල පොත්.

කතාවක් තියෙනවා සිරුරට ආහාර මෙන්ම මොළයට පොත් පත් කියලා. ඈත අතීතයේ ඉඳලම තමන්ගේ අදහස් ප්රකාශ කරන්න මිනිස් හිත් වල පෙළඹීමක් තිබිලා තියෙනවා. ඒ හින්දා ගස්වල පොතුවල ගල්ගුහා බිත්තිවල කුරුටු ගාපු අපේ පැරැන්නො කාලෙත් එක්ක දියුණු වෙලා මැටි පුවරුවල ලියන්න පටන් අරන් තියෙනවා. මේ විදියට ලියපු මැටි පුවරු වල එකතුවක් තමයි යුප්රටීස් ටයිග්රීස් ශිෂ්ඨාචාරයේ අපිට හම්බවෙන ලෝකෙ පරණම පුස්තකාලය වෙලා තියෙන්නේ. ඒ වගේම ඊළඟ පියවරට අඩිය තියපු අපේ පැරැන්නො පැපිරස් කොළවල ලියපු ලියවිලි තමයි හුඟක් ප්‍රසිද්ධ ඇලෙක්සැන්ඩ්රියානු පුස්තකාලේ තියෙන්නේ. ඕවා තමයි ලෝකේ දැනට මුණ ගැහිලා තියෙන පරණම පුස්තකාල. ඉතිහාසය ඔහොම වෙද්දී අද ලෝකේ ලොකුම පුස්තකාල විදියට පිළිගන්නේ ඇමරිකාවේ කොන්ග්රස් පුස්තකාලය වගේම බ්රිතාන්යය පුස්තකාලයයි.

අලුතින් හිතන්න ආස අලුතින් දෙයක් කරන්න ගැම්මක් තියෙන මිනිස්සුන්ට ඒ දේ කරන්න ඉඩ දෙන්න ඕනේ ඒ මිනිස්සු අතින් මේ ලෝකේ කැටයම් වෙන හින්දා. අද අපිට සුවඳ පිටු තියෙන පොතක් අතට ලැබෙන්නේ චීන ජාතිකයො කඩදාසි හොයා ගත්ත හින්දා. ඒ වගේම පොතක පිටු වල ලස්සනට අකුරු මුද්‍රණය වෙලා එන්නේ ජෝන් ගුටේන්බර්ග් මුද්රණ යන්ත්‍රය මේ ලෝකේට බිහිකරපු හින්දා. දෙයක් කරන මිනිස්සුන්ට තැනක් අද නැති වුනත් අනාගතේ දවසක ලැබෙනවා. අතීතේ ගැන හිත හිත ලත වෙන මිනිස්සු අතරේ අද වපුරලා හෙට පැලවෙලා අනාගතේ දවසක පල නෙලන තරමට මහන්සි වෙන මිනිස්සුත් ඉන්නවා කියලා අපි තේරුම් ගන්න ඕනේ. අන්න ඒ වගේ වැඩකට ඇති මිනිහෙක් වෙන්න නම් පොත් පත් කියවන්න ඕනේ. අන්න ඒ වගේ වැඩකට ඇති මිනිහෙක් වෙන්න නම් පොත් පත් කියවන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි ලෝකේ හැමතැනකම පුස්තකාල ඉදිවෙලා තියෙන්නේ.

ඖෂංගි ගායනා සේනානායක


පොත් එක්ක පොත්ගුල්ලෝ ඉන්න පොත්ගුල් ගැන..

කියවනවා කියවනවා ඉවරයක් නෑ. එහෙම කියවන මිනිස්සුන්ගේ ගත යුත්තක් නෑ. හැබැයි අහලා තියෙන කතාවක් තියෙනවා. කියවීම මිනිසා..

මකරා මන:කල්පිතද? එහෙම නැත්තම් සැබෑ සත්වයෙක්ද?

අපි ජීවත් වෙන්නේ සැබෑ ලෝකේ වුනත් අපිටම වෙන්වුන හීන ලොකයක් වෙන වෙනම තියෙනවා. හැබෑ ලොකෙන් වෙන්වෙලා ගිහින් ඒ හීන..

අතට හුරු පෑනයි, පැන්සලයි ගැන හිතට හුරු නැති කතාවක්

හැඟීම් වචන වලට හරවලා කතා කරන මිනිස්සු වචන වලින් හිත් හොරකම් කරන්න දක්ෂයි. හැඟීම් අකුරු වලට එකතු කරලා කොළවල ලියන මිනිස්සු..

ඔයා රැවුල වවන කෙනෙක්ද? කපන කෙනෙක්ද?

රැවුලයි කැඳයි දෙකම බෑ. දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. මෙහෙම කතාවක් අපේ පැරැන්නො කියනවා. ඔයා අහලා ඇතිනේ නේද?



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online