රසිකයෝ මගේ මූණටම කියනවා flashback සංගීත කණ්ඩායම තියෙන්නේ මම නිසා කියලා

සංගීත කණ්ඩායම් අතර ගායන ශීල්පින්ගෙන් ප්‍රසිද්ධ සහ එදා ඉදන් ආදරයට පාත්‍ර වුනු ගායකයෙක් තමයි කිංස්ලි පීරිස් කියන්නේ. ගී ලොවට මල් වරුසාවක් ගෙනත් දුන්න ගායකයෙක් විදියට තමයි හැමෝම මොහුව නම් කරන්නේ. ඒකට උදාහරණ තියනවා. දෙහි මලක්, පිනි මලක්, දෙළුම් මලක්, ඩේලියා මලේ, වරා මලේ, මෙන්න මේ විදියට ආදරේ මල් වලට සමාන කරා. 

1986 පාසලෙන් ඉවත් වෙනවත් එක්කම 1989/1990 වගේ flashback සංගීත කණ්ඩායම පටන් ගන්නවා ඒ රොෂාන් ප්‍රනාන්දු සමග. වර්තමානයේ flashback සංගීත කණ්ඩායමේ ඉන්න නිත්‍ය ගායන ශිල්පියා. කිංස්ලිගේ පළමු සින්දුව වෙන්නේ පොඩි කාලේ මරද වැල්ලේ සින්දුව. ඒ හරහා කිංස්ලි ප්‍රසිද්ධ වෙන්නේ 2000/2001 අවුරුද්දේ විතර. ඊට පස්සේ 2003 වගේ ජෝති උපහාර නමින් කැසට් පට 3ක් නිකුත් කරනවා. ඒ අතරේ ඔහුගේම ගීත ඇල්බම කිහිපයකුත් එනවා. "දෙළුම් මලක්" 1,2 සහ 3 නමින්. විශාල රසික පිරිසක් ඉන්න මෙවැනි චරිතයක් attitude check වැඩසටහනට සම්බන්ද කරගන්න අපිට හිතුනා. කිංස්ලි පීරිස් කියන චරිතයට මිනිස්සු ප්‍රතිචාර දැක්වුවේ මේ විදියට. 

"නියමයි ආසම singer කෙනෙක්"
"එදා ඉදන් අපි කැමතියි මනුස්සයෙක්."
"සංගීත කණ්ඩායමේ දීර්ග කාලයක් ඉන්න එකම වටිනවා"
"අපි ගොඩක් ආදරෙයි"
"හොඳ හදවතක් තියෙන කෙනෙක් වගේ පේනවා."
"කටහඬ වගේම.. ඒ ගීත වලත් වෙනස්ම දෙයක් තියනවා"

වැඩසටහන අතරතුර අවස්ථා දෙකකදී අපි ඔහුව සම්බන්ද කරගත්තා. ඔහුට ලැබුන ප්‍රතිචාර වලට කිංස්ලි පීරිස් අදහස් අදක්වුවේ මෙන්න මේ විදියට. 

සංගීත කණ්ඩායමේ සින්දු කියනවා විතරනේ අලුත් නිර්මාණයක් වත් හරියට නෑනේ කියලා මිනිස්සු කියනවා?
"ඔවු ඉතින් ඒ දවස් වල අලුත් සින්දු ගොඩක් කරා. දැන් ඉතින් එහෙම ගොඩක් එලවන්නේ නෑ."

හැමදාම එකම තැන තමයි ඉහල යෑමක් නෑ. පහල යෑමකුත් නෑ. මෙහෙම තමයි ගොඩක් අය කියන්නේ?
"ඒක ඇත්ත. මම මගේ පාඩුවේ වැඩටික කරගෙන ඉන්නවා."

අනිත් අය ඉහල යනවා කිංස්ලි පීරිස්ව යොදාගෙන කියලා තමයි රසිකයෝ කියන්නේ?
"එහෙම කියනවා. සමහර රසිකයෝ කියනවා ඔයා නිසා තමයි flashback සංගීත කණ්ඩායම තියෙන්නේ කියලා. මම ඉතින් එයාලට තේරුම් කරලා දෙනවා "

කිංස්ලි පීරිස්ට ලැබුන ප්‍රතිපලය තමයි 83%ක් ඔහුට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඉතුරු 17% ඔහුව විවේචනය කරලා තියනවා. 

 


මාසේ අන්තිමේ දහසකුත් දෙනාට මම පඩි ගෙවනවා. ඒ මිනිස්සු මට ඇවිල්ල එයාලගේ දුක කියනවා.

දශකයකට වැඩි කලක ඉඳලා දේශපාලනය ගැන අත්දැකීම් ඇති පුද්ගලයෙක් තමයි තිලංග සුමතිපාල කියන්නේ. ඔහු වර්තමානයේ අපේ රටේ ක්ෂේත්‍ර..

මම තමයි ලංකාවේ මුලින්ම අඬන trend එකක් ඇති කරේ..

අපි කවුරුත් දන්නා කළාකරුවෙක් තමයි ජැක්සන් ඇන්තනි කියන්නේ. දරුවන් තිදෙනෙකුගෙන් යුත් මේ පවුලේ සියලු දෙනාම කලාකරුවෝ..

විවාහ වෙන්න කලින් තියෙන නඩු ටික විසඳ ගන්න ඕනේ.. නාමල් කියන කතාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පුත්‍රයා නාමල් රාජපක්ෂ.. මොහු තීඥවරයෙක්.

තිසුරි සම්මාන විතරක් බලාගෙන රඟපාන කෙනෙක් ද?

මවගෙන් ලැබුන ඒ පන්නරයත් එක්ක තිසුරි යුවනිකා රංගනයට අවතීර්ණ වෙනවා. ඇයගේ මව සුසන්තා චන්ද්‍රමාලි මහත්මියයි..

පවිත්‍රා වන්නිආරච්චිට එකතු වෙලා වැඩ කරන්න ආණ්ඩු පක්ෂයෙන් ඉඩක් නැද්ද?

වෘත්තියෙන් නීතිඥවරියක වන පවිත්‍රා දේවී වන්නිආරච්චි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ නිතර කැපී පෙනෙන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන..

මට වැඩ පෙන්වන්න අවස්ථාවක් ලැබුනේ නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතීතයේ සිට ගත් විට බිහි වූ හොඳම පන්දු රකින්නෙක් ගැන කතා කරොත් අපේ මතකයට නැගෙන ක්‍රීඩකයෙක් ඉන්නවා..

චම්පික රණවක ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙයිද?

අමාත්‍ය පාඨලී චම්පික රණවක.., මොහු දේශපාලන චරිතයක් විතරක් නෙවෙයි. හොඳ ලේඛකයෙක්. උපත ලබන්නේ 1965.08.04 බුලත්සින්හලදී..

ප්‍රියංකර පෙරේරා, චලක චමුපතිට රිදෙන්න කිව්ව කතාව..

ප්‍රියංකර පෙරේරා.. ගායකයෙක් ද? නළුවෙක් ද? මිල්ටන් පෙරේරාගේ ආදරණීය පුත්‍රයෙක්. තම පියාගේ උරුමයෙන් ලැබුන සහජ හැකියාව ඔස්සේ..

මගේ කැමැත්තට හැමදේම වෙනවා නම් මට පුළුවන් හැමදේම වෙනස් කරන්න

දේවිකා මිහිරාණි.. ලංකාවේ මුල්ම ටෙලිනාට්‍ය නිළිය කලාවට සම්බන්ද වුනේ තමන්ගේ සැමියා ඒ කියන්නේ විජය නන්දසිරි මහත්මය නිසා..

දැනටත් මට එක්සත් ජාතික පක්ෂයෙන් අරාධනා ලැබෙනවා

1948 මැයි මස 8 වෙනිදා උපත ලැබූ ගාමිණි ලොකුගේ මහත්මයා අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයේ. අධ්‍යාපනය ලැබීමෙන්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online