S.B.දිසානායක ඇමතිතුමාගෙන් දුරකතනයට උත්තර නෑ

දිසානායක මුදියන්සේලාගේ සුමනවීර බන්ඩා දිසානායක.. ඒ වුනාට රටේ හැමෝම දන්නේ S.B.දිසානායක ඇමතිතුමා කිව්වම. මේ වෙනකොට සමාජ සුබසාධන ඇමතිධුරයේ තමයි කටයුතු කරන්නේ. මුලින්ම 1977 අවුරුද්දේදී මහ මැතිවරණයකට තරඟ කරා හඟුරන්කෙත ආසනය නියෝජනය කරමින්. නමුත් ජයග්‍රහණය කරන්න හම්බුනේ නෑ. 

1994 පොදු ජන එක්සත් පෙරමුණ යටතේ තරඟ කළා පාර්ලිමේන්තුවට තේරී පත් වුනා. ඒ සමුද්‍රි යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා විදියට. මේ විදියට අවුරුදු 7කට විතර පස්සේ ඒ කියන්නේ 2001 අවුරුද්දේ තවත් අමාත්‍යවරුන් 8 දෙනෙක් සමග එකතු වී ආණ්ඩුවෙන් එලියට ඇවිල්ල එක්සත් ජාතික පක්ෂයට එකතු වෙනවා. ඒ පිරිසගේ මේ ක්‍රියාව නිසා ආණ්ඩුව විසුරුවා හැරියා. ඊට පස්සේ තිබ්බ ඡන්දෙදි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. ඒ ඡන්දෙන් අනතුරුව ඔහුට ලැබෙනවා සමුර්දි සහ කෘෂිකර්ම අමාත්‍යධුරය. නැවත 2009 එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා නැවත සන්දානයට එකතු වෙනවා ඊට පස්සේ 2010 මතිවර්නයෙන් ඔහු නැවත ජයග්‍රහණය කරනවා. S.B.දිසානායක ඇමතිතුමා 2003 දී කරපු යම්කිසි ප්‍රකාශයක් පදනම් කරගෙන 2004 දෙසැම්බර් 7 වෙනිදා S.B.දිසානායක ඇමතිතුමාට වසර දෙකක සිරදඩුවමක් ලැබෙනවා. කොහොම හරි 2006 පෙබරවාරි ඔහුට ජනාධිපති පොදු සමාව ලැබෙනවා. 
 
මෙවැනි ප්‍රබල චරිතයක් attitude check වැඩසටහනට සම්බන්ද කරගන්න අපි තීරණය කරා. රටේ ජනතාව ඔහුව කොහොමද? අපි මිනිස්සුගෙන් ඔහු ගැන දරන අදහස ඇහුවා. විශාල වසහයෙන් විවිද විදියේ අදහස් ප්‍රමාණයක් ලැබුනා. 

"හොඳ උගත් චරිතයක්"
"දක්ෂකමෙන් ප්‍රයෝජන ගන්නේ නෑ"
"තීක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක්."
"නියම දේශපාලන චරිතයක්"
"ඔහු පිල් මාරු කරන්නේ මිනිස්සුන්ට සේවය කිරීමට අවශ්‍ය නිසා."
"දේශපාලනය කෙනෙක්."

වැඩසටහන ඇතුලත අවස්ථා කිහිපයකදී අපි උත්සාහ කරා S.B.දිසානායක ඇමතිතුමාව දුරකතනයට සම්බන්ද කරගන්න. නමුත් ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වුවේ නෑ. ඔහු අපිට පැවසුවේ යම්කිසි අසනීප තත්වයක පසුවනවා කියලා.

මිනිස්සු කියපු තවත් අදහස් තමයි මේ. 

"කිසිම ලැජ්ජාවක් නැති ඇමති කෙනෙක්."
"මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දෙනවා"
"වාසි පැත්තට හැරෙන මනුස්සයෙක්"
"ආත්මාර්ථකාමී චරිතයක්"

කොහොම වුනත් S.B.දිසානායක ඇමතිතුමාට ලැබුන අවසාන ප්‍රතිපලය තමයි 30%ක් ඔහුට හොඳ ප්‍රතිචාර ලැබුනා. ඉතුරු 70ක ප්‍රමාණය ඔහුව විවේචනය කරා.



මාසේ අන්තිමේ දහසකුත් දෙනාට මම පඩි ගෙවනවා. ඒ මිනිස්සු මට ඇවිල්ල එයාලගේ දුක කියනවා.

දශකයකට වැඩි කලක ඉඳලා දේශපාලනය ගැන අත්දැකීම් ඇති පුද්ගලයෙක් තමයි තිලංග සුමතිපාල කියන්නේ. ඔහු වර්තමානයේ අපේ රටේ ක්ෂේත්‍ර..

මම තමයි ලංකාවේ මුලින්ම අඬන trend එකක් ඇති කරේ..

අපි කවුරුත් දන්නා කළාකරුවෙක් තමයි ජැක්සන් ඇන්තනි කියන්නේ. දරුවන් තිදෙනෙකුගෙන් යුත් මේ පවුලේ සියලු දෙනාම කලාකරුවෝ..

විවාහ වෙන්න කලින් තියෙන නඩු ටික විසඳ ගන්න ඕනේ.. නාමල් කියන කතාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පුත්‍රයා නාමල් රාජපක්ෂ.. මොහු තීඥවරයෙක්.

තිසුරි සම්මාන විතරක් බලාගෙන රඟපාන කෙනෙක් ද?

මවගෙන් ලැබුන ඒ පන්නරයත් එක්ක තිසුරි යුවනිකා රංගනයට අවතීර්ණ වෙනවා. ඇයගේ මව සුසන්තා චන්ද්‍රමාලි මහත්මියයි..

පවිත්‍රා වන්නිආරච්චිට එකතු වෙලා වැඩ කරන්න ආණ්ඩු පක්ෂයෙන් ඉඩක් නැද්ද?

වෘත්තියෙන් නීතිඥවරියක වන පවිත්‍රා දේවී වන්නිආරච්චි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ නිතර කැපී පෙනෙන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන..

මට වැඩ පෙන්වන්න අවස්ථාවක් ලැබුනේ නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතීතයේ සිට ගත් විට බිහි වූ හොඳම පන්දු රකින්නෙක් ගැන කතා කරොත් අපේ මතකයට නැගෙන ක්‍රීඩකයෙක් ඉන්නවා..

චම්පික රණවක ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙයිද?

අමාත්‍ය පාඨලී චම්පික රණවක.., මොහු දේශපාලන චරිතයක් විතරක් නෙවෙයි. හොඳ ලේඛකයෙක්. උපත ලබන්නේ 1965.08.04 බුලත්සින්හලදී..

ප්‍රියංකර පෙරේරා, චලක චමුපතිට රිදෙන්න කිව්ව කතාව..

ප්‍රියංකර පෙරේරා.. ගායකයෙක් ද? නළුවෙක් ද? මිල්ටන් පෙරේරාගේ ආදරණීය පුත්‍රයෙක්. තම පියාගේ උරුමයෙන් ලැබුන සහජ හැකියාව ඔස්සේ..

මගේ කැමැත්තට හැමදේම වෙනවා නම් මට පුළුවන් හැමදේම වෙනස් කරන්න

දේවිකා මිහිරාණි.. ලංකාවේ මුල්ම ටෙලිනාට්‍ය නිළිය කලාවට සම්බන්ද වුනේ තමන්ගේ සැමියා ඒ කියන්නේ විජය නන්දසිරි මහත්මය නිසා..

දැනටත් මට එක්සත් ජාතික පක්ෂයෙන් අරාධනා ලැබෙනවා

1948 මැයි මස 8 වෙනිදා උපත ලැබූ ගාමිණි ලොකුගේ මහත්මයා අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයේ. අධ්‍යාපනය ලැබීමෙන්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online