Janaka Prabath Rupasinghe (ජානක)

නාලිකා කිහිපයකම අත්දැකීම් ඇති මම රිදම් ආරම්භයේ සිටම මෙහි සාමාජිකයෙකි. ඒ වගේම මේ වනවිට සහකාර වැඩසටහන් කළමනාකරු  වශයෙන් කටයුතු කරනවා. රේඩියෝ කලාවේ වෙනසකට මුල පුරන අපේ මෝර්නින් ෂෝ එක වගේම මම ඉපදෙන්න කලින් සින්දු වැඩසටහන ඉදිරිපත් කරන්නේ මම. සතුටින් ඉන්න අනිත් අයත් සතුටෙන් තියන්න ඒ මගේ පැතුමයි.

Shows

Sneha Wasundara (ස්නේහා)

හදවත ගැහෙන රිද්මය ඇහෙනකන් ම මම ඔයාට ආදරේ කරනවා, ඔයා දන්නවද රිදම් එකේ අලුත් වෙනසත් එක්ක සති අන්තයේ ඔයාට Music ලෝකයේ සිද්ධ වෙනස්කම් ඒ වගෙම අලුත් දේවල් එක්ක, කියන්න නෙමෙයි අහන්න පුළුවන් Magazine එකක් අරන් මම ඔයාව මුනගැහෙන්න එනවා, ඒ Program එකේ නම Music Magazine එහෙනම් ඉතින් අපි හම්බ වෙලා කතා කරමු.

 

Shows

Amila Jayasooriya (අමිල)

මගේ ගම මාවනැල්ල අධ්‍යාපනය ලැබුවේ නුවර සිල්වෙස්තර විද්‍යාලයෙන් වැඩිම කාලයක් රිදම් එක්ක රැඳී ඉන්න මගේ ජීවිතේම රිදම් තමා. හැම තිස්සෙම වෙනසකට කැමති මම ඔයාට වෙනසක් ගෙනත් දෙන්න පුළුවන් වැඩසටහන් දෙකකින් ඔයාව මුණගැහෙනවා. සතියේ දවස් වල  වැඩි සිනි ප්ලේන් ටී එක්ක ඔයාව රසවත් කරන මම සති අන්තයේදී එළියේදී හම්බවෙමු වැඩසටහන හරහා ඔබව මුණ ගැහෙනවා.

Shows

Lahiru Mayurajith (ලහිරු)

රේඩියෝ නාලිකාවක් නම් සින්දු තියෙන්න ඕනේ. ඉතින් සින්දු තියෙන්න නම් මං ඉන්න ඕනේ. ඇත්තම කිව්වොත් මම තමයි රිදම් නාලිකාවේ සින්දු පෙළගැස්වීම කරන්නේ. ඒ වගේම ජනප්‍රියම සින්දු 20 ත් අරගෙන සෙනසුරාදා ඔයාව මුණ ගැහෙන්න එන්නෙත් මම ම තමයි.

Shows

Owshangi Gayana Senanayaka (ගායනා)

නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් ඉගෙන ගත්ත මම රිදම් එක්ක එකතු වෙලා සෑහෙන කාලයක් වෙන්න එනවා. අලුත් වෙනසත් එක්ක පරණ මතකයන් අලුත් කරගන්න මම පරණ වයින් හරි ගණන් programe එකත් අරන් ඔයාව මුණගැහෙන්න එනවා. ඒ වගේම සතිඅන්තයේ ඉරිදට රාගය programe එකෙන් ඔයාව මුනගහෙන්නෙත් මම තමයි. ජිවිතේ ඉබේටම වෙනස් වෙන්නේ නෑ අපි කරන කියන දේවල් වලින් තමයි හැමදේම හොඳ වෙන්නෙත් නරක් වෙන්නෙත්.

Shows

Rangana (රංගන)

හැමදාමත් වෙනස් විදිහට හිතපු මම දවස ගානේ අලුත් වෙන ප්‍රවෘත්ති එක්ක ඔයාව මුණ ගැහෙන්න ආවා. හැබැයි අලුත්ම වෙනසක් එක්ක රටේ දේශපාලන වාතාවරණය ගැන කතා කරන්න වෙනස්ම ක්‍රමයක් මම හොයාගත්තා. අන්න ඒ හින්දයි මම FB Politics එකෙන් ඔයාව මුණ ගැහෙන්න එන්නේ.

Shows

Prabashwara Withanage (ප්‍රභාෂ්)

මම ගාල්ලේ යක්කල මුල්ලේ. රිද්ම් කියන්නේ මගේ ජිවිතේ වගේ ඔයත් මට එහෙමයි මම කාලෙකින් ඔයාට මාව ඈහුනෙ නෑහෑ නේද? හරිනේ ආයෙමත් මම ඔයා ලගටම එනවා ඔයා කෑමති ෆිල්ම් එකක කථාවක් අරගෙන ඒ කියන්නේ 9.30 Show එක අරගෙන.

Shows

Thilini Prashadi (මිෂෙල්)

මාලබෙන් පටන් අරන් කැළණියෙන් ඉවරවුණු මගේ ජිවිතේ ඔන්න දැන් ආයේ අමුතුම රිදම් එකකින් රිදම් එක්ක පටන් ගන්නවා මෙහෙම හිටියට මම හොද මීටරයක් මගේ මිටරෙන් ඔයාගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දීලා සතියේ දවස් පහේම ලොකු ලොකු තෑගි දිනාගන්න පුළුවන් Michell ඔයා ලගින් ඉන්නකන් කිසිම දේකට බයවෙන්න එපා.

Shows

Kewien De Silva (කෙවින්)

මම රාජ කුමාරයෙක් නෙමෙයි. කොළඹ කොල්ලෙක් ඉගෙන ගත්තෙත් කොළඹ තමා මහරගම Presedent College එකෙන්. හැම දේම වෙනස් වෙනකොට මාත් වෙනස් වුනා. මම දැන් එන්නේ ඔයාව මුණ ගැහෙන්න සතියේ දවස් වල Attitude check එකෙන්. weekend එකේ නම් rap generation එකෙන්. ජාති ජාති බ්‍රෝ.. අපි ආදරෙන් ඉමු.

Shows

Hasanka Weerarathne (සෙනාෂ්)

මම  හසංක ඉපදුණේ ගාල්ලේ පදිංචිය කළුතර ඉගනත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් පුංචි කාලේ ඉදලම මාධ්‍ය ගැන උණ ගතියකින් පෙළුණා එකට පොඩි පොඩි බෙහෙත් ලැබුනට ලෙඩේට හොදම බෙහෙත හම්බුනේ full timeම Media කරන්න හා හා පුරා කියලා රිදම් එකට ආවට පස්සේ දවල් දවසෙම ඔයා ගැන සෙවිල්ලෙන් ඉදලා රිදම් එකෙන් මම ඔයා ලගට එන්නේ රෑට රෑ කඩ සවාරිය අරගෙන. එහෙනං රෑ කඩ සවාරියේදීම හම්බවෙමු.

Shows

Keshara Wijesundara (කේෂර)

මම කේෂර. හිස් අවකාශය තුළ ගන්ධබ්බයක් වගේ ඔහේ සැරිසරසරා ඉදිද්දී අන්තිමේට නතර වුනේ media වල. ජීවත් වුනු නුවරත්, ඉගෙන ගත්ත kingswood එකත් අනාගතේට හොද path එකක් හදල දුන්නා. මම හා හා පුරා කියලා වෘතීමය මාධ්‍ය චාරිකාවට එකතුවෙන්නේ රිදම් එකෙන් ඔන්න ඔයාව හම්බවෙන්න මම එනවා රෑ කඩ සවාරියෙන්.

Shows

Mihitha Chathuranga (මිහිත)

දුකට සැපට හැමදාම ඔයා ලගින් ඉන්න මම මිහිත චතුරංග. ඉගෙන ගත්තේ ජපුරේ කළමනාකරණ අධ්‍යන හා වාණිජ විද්‍යා පීඨයෙන්. ජපුරෙ නම් හැමෝගෙම සිත් හෝරා ගත්තු සිත්තරා මම දකුණේ ඉදල ලොකු කට්ටක් කාල මෙතෙන්ට ආවේ. ඒ නිසාම ඔයාගේ ජිවිතේ වරද්ද ගන්නේ නැතුව දිනන්න මම ඔයාට කියලා දෙන්න උදේ පාන්දරින්ම එනවා අද හොදම දවස අරගෙන.

Shows

Amaya Rajanayake (අමායා)

ලස්සන සීතල පළාතක ඉඳල කොළඹට ආව මම ගුරුවරියක් විදිහට සේවය කරන අතරෙයි මාධ්‍ය ක්‍ෂේත්‍රයට එන්නේ. Rhythm World එක්ක එකතු වෙන්නේ නම් මෑතකදී. දැන් ඉතින් ඔයාට පුළුවන් සතියේ දවස් පහේම උදේ 10.00 ඉඳන් දවල් 2.00 වෙනකන් "සිංදු Reload" එක්ක මාව මුණගැහෙන්න.

Shows



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online